මේ වසරේ ගත වූ මාස 10ක පමණ කාලය තුළ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ තුන් දහසක (3,000) මුදලක් වැය කොට ඇති බව අනාවරණය වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක මහතා පවසයි.
එම මුදල් හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තමන්ගේ ප්‍රතිරූපය පිම්බීම සඳහා දැන්වීම්, කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කිරීමට යොදවා ඇති බවට හෙළි වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. එමෙන්ම ජාතික ආණ්ඩුවේ ගත වූ වසර තුනහමාරක කාලය තුළ රුපියල් කෝටි 100කට ආසන්න අති විශාල මුදලක් ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව හෙළි වෙමින් ඇති බවත් ඒ පිළිබඳ ඉදිරියේදී හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...