දේශීය පුවත්

පහත පල කෙරෙනුයේ ” දෙමළ ඊලාම් අන්තර්කාලීන ආණ්ඩුව” නැමැති සංවිධානය මගින් හෙට (10) බ්‍ර්තාන්‍යයේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තුවේ කාඹර අංක 10 පැවැත්වීමට නියමිත රැස්වීමක පූර්ව ප්‍රචාරක දැන්වීමකි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විසින් සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග විසින් තම සංවිධානය වෙත ලබා දී තිබෙන “යුධ අපරාධ” චෝදනාවන්ට අදාළ වාර්තා දෙකක් මෙදින මෙම රැස්වීමේ දී ප්‍රසිද්ධ කරනු ලබන බව රැස්වීමේ සංවිධායකයින් තම සමීපතමයන් හා පවසා තිබේ.

ඔවුන්ගේ ඉලක්කය වී තිබෙනුයේ ඊනියා යුධ අපරාධ චෝදනා හෙතුකොටගෙන ltte ත්‍රස්තවාදය ට එරෙහි යුද්ධයේදී සුවිශේෂ කාර්‍ය්භාරයක් සිදු කරනු ලැබූ 58 වැනි සේනාංකය icc හෙවත් “ජාත්‍යන්තර අපරාධ අදිකරණය” හමුවට රැගෙන යාමේ යෝජනාව ක් සම්මත කර ගැනීමය.

බ්‍රිතාන්‍ය රජය මෙම ත්‍රස්තවාදී රැස්වීම සදහා වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ අවස්ථාව ලබා දීමෙන් පෙනී යන්නේ ඒ සදහා එම රජය දක්වන නිහඩ අනුග්‍රහය යි.

කෙසේ වෙතත් මෙහිදී 58 වැනි රෙජිමේන්තුව icc හෙවත් “ජාත්‍යන්තර අපරාධ අධිකරණය”ට රැගෙන යාමේ යෝජනාවක් සම්මත කෙරුණහොත් එම යෝජනාව icc හමුවේ ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය රජය බැදී සිටී.

මේ අපරාධය සිදු කිරීමට ඉඩ නිර්මාණය වූයේ රනිල් – අනුර – සුමන්තිරන් ආන්ඩුවේ හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර ජිනීවා මානවහිමිකම් කොමිසමේ දී ලංකාවට එරෙහිව අමරිකාව එක්සත් ජනපදය විසින් ගෙන එන ලද 30-1 යෝජනාව පිළිගෙන එහි සම අනුග්‍රාහකයා බවට ද ශ්‍රීලංකාව පත් කිරීම හේතුකොටගෙනය.

රට වෙනුවෙන් අප වෙනුවෙන් දිවි නොතකා සටන් වැද සාමය දිනාදුන් විරුවන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ගෙන යන තුරු ජාතියට නිහඬව සිටිය හැකිද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More