දේශීය පුවත්

අධිකරණය නිවාඩු ලබා දිමට පෙර නඩුවේ තින්දුව ලබාදුන්නොත් හොද බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ මාතර, වැලිගමදි සංවිධානය කර තිබු අවස්ථාවේදි ඔහු මේ බව පැවසීය.

එහිදි අදහස් දැක්වු මන්ති‍්‍රවරයා,

‘‘ දැන් මේ සම්බන්ධව තියෙන නඩුව ඉවර නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව දෙන දවසක් ප‍්‍රකාශ කර නැහැ. තින්දුව දෙන දිනය කිසිවෙකුටත් පැවසිය නොහැකියි. 14 වෙනිදට කලින් නඩුවේ තින්දුව දුන්නොත් හොදයි. මොකද නැත්නම් ඊට එහා ගියොත් එහි නිවාඩු එනවා, එතකොට අගමැති කෙනෙක් නැති , ඇමතිවරු නැති රටක් වෙනවා. ඒ වගේම කියන්න ඕන ජනාධිපතිවරයා ඝාතනය කිරිමේ කුමන්ත‍්‍රණයක් තියෙනවා. යම් විදියකින් එම කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වුවහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මළ නිතියක් වේවි. ඒ නිසා ජනාධිපතිවරයා පරිස්සම් විය යුතුයි.

පසුගියදා රුපවාහිනියේ ජනපි‍්‍රයම වැඩසටහන බවට පාර්ලිමේන්තුව පත්වුණා. ලංකා ඉතිහාසයේ රැකපු ව්‍යවස්ථා සම්ප‍්‍රදායන් කඩකරමින් කරු ජයසුරිය මහතා වාර්තාවක් තබා තිබෙනවා. අප අසා තිබුණේ හමුදා කුමන්ත‍්‍රණ පමණයි. ව්‍යවස්ථාදායකය, අධිකරණය තුළත් කුමන්ත‍්‍රණ ලෝක ඉතිහාසයේ සිදුවි තිබෙනවා. මේ සියලූ කුමන්ත‍්‍රණ ජනතා අධිකරණයක් තුළ දැක ගත හැකියි. ’’ යැයි අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More