දේශීය පුවත්

තනි පුද්ගලයෙකු ලෙස ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිමිව ඇති පාලන බලය පිළිබද තමා කිසිසේත් සතුටු නොවන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් රටක එසේ සිදු නොවිය යුතු බව සදහන් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය හැකි ඉක්මණින් වෙනස්වී අගමැතිවරයෙකු සහ ඇමති මණ්ඩලය සමග කටයුතු කිරීමට ඉක්මණින් අවස්ථාව සැලසෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ අගමැතිවරයෙකුගේ සහ ඇමති මණ්ඩලයක කි‍්‍රයාකාරිත්වය නොමැති රටක ජනාධිපතිවරයා ලෙස තමා ඉකුත් දින කිහිපයේ කටයුතු කළේ දැඩි වගකීමකින් සහ ඉවසීමකින් බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ මේ වන විට මතුව ඇති දේශපාලන අර්බුදය දේශපාලන පක්ෂ අතරේ තිබෙන ප‍්‍රශ්නයක් මෙන්ම තමා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ප‍්‍රශ්නයක් ලෙස විග‍්‍රහ කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවයි. එහෙත් එය ස්වදේශීය චින්තනය සහ විජාතික චින්තනය අතර ගැටුමක් බව සදහන් කළ ජනාධිපතිතුමා විජාතික බලවේගවලට යටනොවී ස්වාධීනව සහ ස්වශක්තියෙන් නැගි සිටිය යුතුයි යන දර්ශනය කි‍්‍රයාත්මක කරන විට විජාතික බලවේග ඊට අභියෝගයක් ව ඇති බව ද සදහන් කළේය.

මෙය රටේ ජනතාව අවබෝධකරගත යුතු කරුණක් බව සදහන් කළ ජනාධිපතිතුමා රටට ආදරය කරන සියලූ ජනතාව මාතෘ භූමිය පිළිබද සිතමින් තීන්දු තීරණ ගනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ 2018 වසරට අදාළ ජීවනෝපාය සංවර්ධන උපකරණ ප‍්‍රදානය කිරීම නිමිත්තෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය රංග ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි

අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා බව ජනපති පවසයි.

අධිකරණ තීන්දුව කුමක් වුවත් තමා එය ගෞරවයෙන් භාරගන්නා අතරම එම තීන්දුව සමග ගතයුතු ඉදිරි දේශපාලන කි‍්‍රයාමාර්ග ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.තනි පුද්ගලයෙකු ලෙස ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිමිව ඇති පාලන බලය පිළිබද තමා කිසිසේත් සතුටු නොවන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් රටක එසේ සිදු නොවිය යුතු බව සදහන් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය හැකි ඉක්මණින් වෙනස්වී අගමැතිවරයෙකු සහ ඇමති මණ්ඩලය සමග කටයුතු කිරීමට ඉක්මණින් අවස්ථාව සැලසෙනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.එමෙන්ම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ අගමැතිවරයෙකුගේ සහ ඇමති මණ්ඩලයක කි‍්‍රයාකාරිත්වය නොමැති රටක ජනාධිපතිවරයා ලෙස තමා ඉකුත් දින කිහිපයේ කටයුතු කළේ දැඩි වගකීමකින් සහ ඉවසීමකින් බවයි.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සදහන් කළේ මේ වන විට මතුව ඇති දේශපාලන අර්බුදය දේශපාලන පක්ෂ අතරේ තිබෙන ප‍්‍රශ්නයක් මෙන්ම තමා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ප‍්‍රශ්නයක් ලෙස විග‍්‍රහ කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවයි. එහෙත් එය ස්වදේශීය චින්තනය සහ විජාතික චින්තනය අතර ගැටුමක් බව සදහන් කළ ජනාධිපතිතුමා විජාතික බලවේගවලට යටනොවී ස්වාධීනව සහ ස්වශක්තියෙන් නැගි සිටිය යුතුයි යන දර්ශනය කි‍්‍රයාත්මක කරන විට විජාතික බලවේග ඊට අභියෝගයක් ව ඇති බව ද සදහන් කළේය.මෙය රටේ ජනතාව අවබෝධකරගත යුතු කරුණක් බව සදහන් කළ ජනාධිපතිතුමා රටට ආදරය කරන සියලූ ජනතාව මාතෘ භූමිය පිළිබද සිතමින් තීන්දු තීරණ ගනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.“පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ 2018 වසරට අදාළ ජීවනෝපාය සංවර්ධන උපකරණ ප‍්‍රදානය කිරීම නිමිත්තෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය රංග ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.

Gepostet von Maithripala Sirisena am Sonntag, 9. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More