ඒකාබද්ධ විපක්‍ෂය විසින් බැඳුම්කර සොරකමට අදාළව අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගයේදී මේ සොරකමට කිසිදු සම්බන්ධයක් නැතැයි කියන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් ක්‍රියා කරන ආකාරය ඉදිරියේදී හොඳින් බලාගත හැකි බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
පසුගියදා ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
“දින 100න් අලුත් රටක් හදනවා කියපු අය දින 100න් රොබරි 60ක් සිදු කරපු බවයි දැන් අනාවරණය වන්නේ. මේ ආණ්ඩුව බලයට පත් වෙලා දින 20කින් මේ රටේ මහ බැංකුව සුද්ද කළ ආකාරය පිළිබඳව දැන් ඕනෑවටත් වඩා කරුණු අනාවරණය වී තිබෙනවා.
‘බැඳුම්කර කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක’
පසුගියදා ජනාධිපතිවරයා තමන් විසින් පත් කරනු ලැබූ බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ සිදු කළ ප්‍රකාශයෙන් අපට නම් පෙනෙන්නේ එතුමා බැඳුම්කර කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකගේ කාර්යභාරය ඉටු කරපු බවයි. රටක ජනාධිපතිවරයකු ඉන්නේ තමන් විසින් පත් කළ කොමිසමක වාර්තාවක් නිකුත් කළාම එහි අඩංගු කරුණු රටට කියන්න නොවෙයි. ඔහුගේ වගකීම කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ නිවැරදි නම් ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීමයි.
මේ හොරකම පටන් ගත්තේ කොහොමද? පළමුව චිරාත් කාලයක් මුදල් අමාත්‍යවරයා යටතේ පැවැති මහ බැංකුව අගමැතිවරයා යටතට ගත්තේ ඇයි? සිංගප්පූරු ජාතිකයකු වූ අගමැතිවරයාගේ ගජ මිතුරා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කළේ ඇයි? අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වූ අර්ජුන් ඇලෝසියස් සමග එක්වයි මේ මහා මූල්‍ය අපරාධය සිදු කළේ. මේ රටේ රජ කාලයේ, සුද්දගෙ කාලයේ සහ නිදහසින් පසුව යම් යම් හොරකම් සිදු වෙන්න ඇති. නමුත් මේ රටේ ජන ජීවිතයට මෙතරම් තදින් බලපෑ හොරකමක් ඒ මුළුමහත් ඉතිහාසය තුළ සිදුව නැහැ. බැංකුවකින් නිවාස ණයක් හෝ වෙනත් ණයක් ගත්තු ජනතාවට වැඩි පොලියක් ගෙවන්න සිදු වුණේ මේ මූල්‍ය චෞරයන්ගේ හොරකම හින්දයි. මේ හොරකම නිසා ආයෝජකයන් තම මුදල් මේ රටින් ආපසු රැගෙන ගියා. ඒ නිසාත් රුපියල අවප්‍රමාණය වුණා. ඒ නිසා ආනයනික භාණ්ඩ සඳහා වැඩි මිලක් ගෙවන්න සිදු වුණා. අවසානයේ පාරිභෝගිකයන්ට ඒ භාණ්ඩ මිලදී ගැනීමේදී වැඩි මිලක් ගෙවන්න සිදු වුණා. පාරිභෝගිකයා ඒ ඉරණමට ඇද වැටුණේ මේ හොරකම නිසයි. ඒ නිසා මේ හොරකම ජනාධිපතිවරයාට නිර්දේශ ටිකක් කියවලා අත පිහදා ගන්න පුළුවන් හොරකමක් නොවෙයි.
‘ජනාධිපතිටත් වගකීමෙන් මිදෙන්න බැහැ’
මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කළ ගැසට් නිවේදනය නිකුත් කළේ කවුද? අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති බවට පත් කළ පත්වීම් ලිපියට අත්සන් කළේ කවුද? මේ හොරකම පිළිබඳ ඩිව් ගුණසේකර මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් පැවැති කෝප් කමිටුවේ වාර්තාව නිකුත් කිරීමට නියමිතව තිබූ දිනයට පෙර හදිස්සියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කවුද? මේ ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු අනුව අපට පැහැදිලියි, ‘මේ මූල්‍ය අපරාධය පිළිබඳ වගකීමෙන් ජනාධිපතිවරයාටත් මිදෙන්න බැහැ’ කියලා. අගමැතිවරයා ඇතුළු චෞර කල්ලියට මහ බැංකුව මංකොල්ල කෑමට ඉඩ දීලා බලා සිටීමේ වගකීමෙන් මේ ආණ්ඩුවේ කිසිවකුටත් පලා යන්න බැහැ.
‘පළමුකොට වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එන්න’
සුජීව සේනසිංහ ඇමතිවරයා පොත් ලියලා මේ මහා සොරකමට සුජාතභාවයක් දෙන්න හැදුවා. අජිත් පී. පෙරේරා ඇතුළු ‘ෆුට් නෝට් කල්ලිය’ තමන්ට ලැබුණු වරප්‍රසාද හමුවේ මේ චෞර රැලට සුදුහුණු ගාන්න පටන් ගත්තා. කෙසේ වුවත් අපට මෙතෙක් බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් කියවා බැලීමේ අවස්ථාව ලබා දී නැහැ. ජනාධිපතිවරයා සංක්‍ෂිප්තව ඒ පිළිබඳව ඉදිරිපත් කළ කරුණු පමණයි අප පවා දන්නේ. ඒ නිසා පළමුවෙන් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුව තිබෙනවා. මූල්‍ය පාලනය පිළිබඳව වග කියන ආයතනය අන් කිසිවක් නොවෙයි මේ රටේ පාර්ලිමේන්තුවයි. ඒ වගේම අපි ඒකාබද්ධ විපක්‍ෂය විදියට ඉදිරියේදී මේ පිළිබඳව අනෙකුත් පක්‍ෂ නායකයන් සමග ද සාකච්ඡා කොට අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට වහාම විශ්වාසභංගයක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බලාගන්න පුළුවන් ‘මේ හොරකමට සම්බන්ධ නැහැ කියලා පෙන්වන්න හදන ජනාධිපතිවරයා සහ එතුමා සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොහොමද තීරණ ගන්නේ, හැසිරෙන්නේ?’ කියා බලාගන්න.
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා කියනවා ‘බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවකුත් ආවා. දැන් අපට ඇඳුම් නැතිව තමයි ගමට යන්න වෙලා තියෙන්නේ’ කියලා. හරීන් ප්‍රනාන්දුගේ ඒ අඳෝනාවෙන් කියැවෙන්නේ මොකක්ද? ගමේ යූඇන්පී පාක්‍ෂිකයාගේ මනස. අද එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයකුට ‘මම යූඇන්පී කාරයෙක්’ කියලා කියා ගන්න ආත්ම ශක්තියක් නැහැ. එදා ඩී. ඇස්., ඩඞ්ලි ඇතුළු පැරණි එජාප නායකයන්ගේ කාලයේ ආඩම්බරයෙන් තමන් යූඇන්පී කාරයෙක් කියූ අයට අද එහෙම කියන්න හැකියාවක් නැහැ. මේ ආණ්ඩුව අවුරුදු තුනකට ආසන්න තම පාලන කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයාගේ ආත්ම ගෞරවය බිංදුවට බැස්සුවා. දැන් ගමේ කවුරුහරි තමන් යූඇන්පී කාරයෙක් කියලා කිව්වාම අනෙක් අය අහනවා ‘උඹට බැඳුම්කර ගනුදෙනුවෙන් කීයක් ලැබුණා ද?’ කියලා.
‘රවී තුන් කුලුඳුල් බිල්ල කරලා ගැලවෙන්න බැහැ’
‘හොරු අල්ලනවෝ’ කියලා බලයට ආපු මේ ආණ්ඩුව මේ රටේ ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව සිදු කර තිබෙනවා. රවී කරුණානායක හිටපු ඇමතිවරයා ‘තුන් කුලුඳුල් බිල්ල’ බවට පත් කරලා මේ මහා මූල්‍ය වංචාවෙන් ගැලවෙන්න කිසිවකුටත් බැහැ. ‘අගමැතිතුමාට කොමිසම චෝදනා නඟා නැහැ’ කියා ස්වයං වින්දනයක් ලබලා හරි යන්නේ නැහැ. අගමැතිතුමා තමයි මේ සොරකමේ මහ මොළකරු. ජනාධිපතිතුමා ඊට අනුබල දීමේ චෝදනාවට ලක් වෙනවා.
කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කියවලා පැත්තකට වෙලා ඉන්න ජනාධිපතිවරයාට බැහැ. මේ හොරකමේ මහ මොළකරුට විරුද්ධව පියවර ගත යුතුයි. මේ මහා මූල්‍ය වංචාව සිදු කරන්න කියලා මහ බැංකුවට ගිහින් උපදෙස් දීපු යූඇන්පී ඇමති කල්ලියක් ඉන්නවා. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් හා රවී කරුණානායක යන ඒ අයට විරුද්ධව පියවර ගත යුතුයි. මෙවැනි අගමැතිවරයකු අගමැති පුටුවේ තියා ගෙන ජනාධිපතිවරයාට ජනාධිපතිකම් කරන්න පුළුවන් ද? එහෙම පුළුවන් නම්, එයින් කියැවෙන්නේ ‘මේ දෙගොල්ලො අතරේ කිසිම වෙනසක් නැහැ’ කියන එක නොවෙයි ද?
අගමැතිවරයාට තවදුරටත් අගමැති තනතුරේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා ඔහු ඉල්ලා අස්විය යුතුයි. එසේ නොමැති නම් ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කළ යුතුයි. ඒ වගේම මේ හොරකමට සම්බන්ධ සියලු ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතුයි. එසේ නොමැති නම් ඔවුන් ඒ තනතුරුවලින් ඉවත් කළ යුතුයි. එවැනි පියවර ගත්තොත් පමණයි අපට සෑහීමකට පත්විය හැක්කේ.
ජනාධිපතිවරයකු ඉන්නේ තමන්ට කොමිෂන් සභා වාර්තාවක් ලැබුණාම එහි සංක්‍ෂිප්තය රට හමුවේ කියැවීමට නොවෙයි, එහි නිර්දේශ නිවැරදි නම් ඒවා වහාම ක්‍රියාවට නැගීමටයි. නීතිපතිවරයාට කොමිෂන් සභා වාර්තාව යැවීමෙන් ද ඵලක් නැහැ. මීට ඉහතදී මේ පිළිබඳව යැවූ බොහෝ පැමිණිලි නීතිපතිවරයා සතුව තිබෙනවා. ඒත් ගත්තු පියවරක් නැහැ. නීතිපතිවරයාට ලිපිගොනු යැව්වාම ඒවාට පණ එන්නේ නැහැ. නීතිපතිවරයා කියන්නේ අගමැතිගේ සම්බන්ධය. ඒ නිසා නීතිපතිට උපදෙස් දුන්නා කියා ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.
‘මේ හදන්නේ මහ මොළකරු බේරාගන්න’
මේ හොරකමින් සිදු වූ සම්පූර්ණ අලාභය ගණනය කරන්න බැහැ. ඒ නිසයි අපි කියන්නේ ‘මේක යට ගහන්න එපා!’ කියලා. දැන් බලන්න, ජනාධිපතිවරයා මේ වාර්තාවේ සංක්‍ෂිප්තය රටට ඉදිරිපත් කළාම එතුමාගේ පක්‍ෂයේ අය පසුවදා ‘මෙම වාර්තාවෙන් අගමැතිවරයාට චෝදනා නඟා නැත’ කියලා නරි නාවනවා. ඒ අනුව මේ හදන්නේ මේ හොරකමේ මහ මොළකරු බේරා ගන්නයි. ඒ තක්කඩිකමට මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ. විය යුත්තේ අගමැතිවරයා ඇතුළු මීට සම්බන්ධ ඇමති නඩය ඉවත් කිරීමයි. ඒ නිසා ජනාධිපතිවරයා තතන තතන නොඉඳ තමන් ළඟ තිබෙනවා යැයි කියන හොරකම්වලට එරෙහිව පාවිච්චි කරන ‘කඩුව හෝ පොරොව’ මේ හොර නඩයට එරෙහිව පාවිච්චි කළ යුතුයි. එහෙම කළොත් පමණයි අපට පිළිගත හැක්කේ, ‘ඔහු අවංක ක්‍රියාදාමයක නිරත වූවා’ කියා.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...