lanka lead news වෙත මේ මොහොතේ ලැබුණු තොරතුරක් අනුව පාර්ලිමේන්තුව කල් දැමීමේ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ඊයේ රාත්‍රී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කොට ඇත.
ඒ අනුව හෙට දින එම ගැසට් නිවේදනය නිල වශයෙන් නිකුත් කිරීම්ට තිබෙන බවට එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිතුමා විසින් එසේ පාර්ලිමේන්තුව කල් දැමීමට තීරණය කොට ඇත්තේ අධිකරණ තීන්දුව කල් දැමීම නිසා බවද වාර්තා වෙයි.
එම නිසා අධිකරණ නියෝගය ලැබෙන තෙක් පාර්ලිමේන්තුව කල් දැමීමේ නියෝගය වලංගු වීමට ඉඩ තිබේ.
ජනාධිපතිවරයා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාවවක් අභියාචනාධිකරණය විසින් පිළිගැනීම නිසා පාර්ලිමේන්තුව මේ මොහොතේ කැඳවා තිබෙන බව පිළිගනිමින් ජනාධිපතිවරයා විසින් එම කල්බීම සිදු කරන බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...