පුරවැසි කොලම

පූජ්‍ය දඹර අමිල හිමි ඇතුළු 60 දෙනෙකුට ආසන්න පුද්ගලයන්ට රජයට හිමි ලිට්‌රෝ ගෑස් සහ ලිට්‌රෝ ගෑස් ටර්මිනලස් ආයතන හරහා 2015 සිට කළ රහස්‍ය ගෙවීම් පසුගිය සතියේ හෙළිදරව් විය. සිරිසේන – වික‍්‍රමසිංහ රජයේ (2015-1-09 – 2018-10-26) ප‍්‍රබල මැදිහත්වීමකින් පිහිටු වූ ලැබූ විශේෂ මහා අධිකරණය තුළ විභාග වන හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් සම්බන්ධ නඩුවක හරස් ප‍්‍රශ්න ඇසීමේදී මෙම රහස්‍ය ගෙවීම් කරළියට පැමිණියේය. එජාපයට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක යෙදී සිටින කණ්ඩායම් පූජ්‍ය දඹර අමිල ඉලක්ක කරගත් බව පැහැදිලිය. ජනාධිපති සිරිසේන ඔක්තෝබර් 26 දින සිකුරාදා කළ ආණ්ඩු පෙරළියට විරුද්ධව ප‍්‍රබලව එරෙහි වූ පූජ්‍ය දඹර අමිල හිමියන් ප‍්‍රහාරයට ලක් විය. එම ස්වාමින් වහන්සේ ජනාධිපති නව අගමැති මහින්ද රාජපක්‍ෂ පිහිටු වූ රජයට විරුද්ධව නැඟී සිටියේ නැත්නම් ලිට්‌රෝ ආයතනයෙන් ලබාගත් ගෙවීම් මේ ආකාරයට සමාජ මාධ්‍ය ජාලාවන්වල කතාබහට ලක් වන්නේ නැත.

පූජ්‍ය අමිල හිමි කොළඹ නගර සභා පිටිය ඉදිරිපිට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ වෘත්තීය සමිති නායකයකු වන සමන් රත්නපි‍්‍රය 2014 ඔක්තෝබර් 26 බල පෙරළියට එරෙහිව සංවිධානය කළ විරෝධතාවට සහභාගි විය. අග සිට රාජපක්‍ෂ රජය බලයෙන් පහ කිරීමට ප‍්‍රබල දායකත්වයක් දුන් පූජ්‍ය දඹර අමිල හිමි 2015 සිට රාජ්‍ය ආයතනයක් හරහා මාස් පතා මුදල් ලබා ගැනීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් කළ යුතුව ඇත.

එම විමර්ශනය පූජ්‍ය දඹර අමිල හිමි ඇතුළු ලිට්‌රෝ ආයතන හරහා මුදල් ලබාගත් පුද්ගලයන් ඉලක්ක කරගත් ව්‍යායාමයකට සීමා නොවිය යුතුය” පූජ්‍ය අමිල ස්වාමින් වහන්සේගේ ගොඩට වැටුණ පුද්ගලයන් අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජස්ටින් ගලප්පත්ති සහ ද්‍රවිඩ කොටි ත‍්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් 1994.10.23 රාති‍්‍ර තොටලඟ මරුමුවට පත්වූ වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතු ද විය.

ශී‍්‍ර ලංකාවට 1978 විධායක ජනාධිපමුදලති ව්‍යවස්ථාවක් හඳුන්වාදීමෙන් පසුව තම නෑදෑයන් සහ දේශපාලන හිතුවතුන්ගේ අවශ්‍යතාවන් සඳහා සියලූ රාජ්‍ය සභා අර්ධ රාජ්‍ය ආයතන අදහාගත නොහැකි ලෙස අවභාවිත කිරීම සිදු වේ. මෑතකදී හෙළිදරව් වූ ලිට්‌රෝ ආයතන හරහා කළ රහස්‍ය ගෙවීම් විමර්ශනය කළ යුතුව ඇත්තේ සියලූ රජයන් මහජන මුදල් කාබාසිනියා කරන තත්ත්වයක් මත බව මතකයේ තබාගෙනය.

ලිට්‌රෝ ගෑස් ආයතන කළ ගෙවීම් සම්බන්ධයෙන් එවකට මුදල් ඇමැති රවි කරුණානායක වහාම අත්අඩංගුවට ගත යුතු බව ඇමැති බන්දුල ගුණවර්ධන නොවැම්බර් 30 පැවසීය. ගුණවර්ධන එතුමා අමාත්‍ය ධුර දැරූ රාජපක්‍ෂ රජයේ (2005-2015) මුදල් අවභාවිත කිරීම් පිළිබඳව කිසිවක් නොදන්නා ආකාරයට හැසිරෙයි. ලිට්‌රෝ ආයතන කළ නීත්‍යනුකූල නොවන ගෙවීම් සම්බන්ධයෙන් කරුණානායක මන්තී‍්‍රවරයා වගකිව යුතු නම් ඒ හා සමාන නියෝග දුන් අනෙකුත් සියලූ මැති ඇමැතීන් ද අදාළ වගකීම භාර ගත යුතුය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සහ සිවිල් සමාජයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයකු ලෙස පූජ්‍ය දඹර අමිල හිමි බොහෝ වරක් පුරවැසි බලය රාජපක්‍ෂ කණ්ඩායමට එරෙහිව සංවිධානය කළ පුවත්පත් සාකච්ඡාවලදී ප‍්‍රබල හඬක් නැඟීය. ආගමික සංවිධානයකට අයත් මරදානේ පිහිටි ආයතනයක සංවිධානය කළ පුවත්පත් සාකච්ඡාවලදී වරක් උන්වහන්සේ යහපාලනය බිඳ වැටීම පිළිබඳව වැඩි බරක් ජනාධිපතිවරයාට බැර කළේය. උන්වහන්සේ පසුගිය කාලයේ කළ ප‍්‍රකාශ පිළිබඳව නැවතත් සලකා බැලිය යුතුව ඇත්තේ එජාපයේ මැදිහත්වීමෙන් රජයට අයත් ආයතනයකින් උන්වහන්සේ මාස්පතා රුපියල් 125,000 ලබා ගැනීමට අවසර ලබාගත් බව සිහියේ තබාගෙනය.

මෙම ගෙවීම 2016 අපේ‍්‍රල් මස සිට මුදල් අමාත්‍යාංශයේ නියෝගය මත කි‍්‍රයාත්මක කර ඇත. 2015 පෙබරවාරි සහ 2016 මාර්තු තුළ බැඳුම්කර මගඩිය හෙළිවීමෙන් පසුව පවා එජාපය පාඩමක් ඉගෙන නොගත් බව පැහැදිලිය. කෙසේ වෙතත් දඹර අමිල හිමි මාස්පතා ලබාගෙන ඇති මුදල රුපියල් 95,000 උසාවිය ඉදිරියේ හෙළි වී ඇත.

ලිට්‌රෝ ගෑස් දේශපාලන මෙවලමක්ද?

රජයට අයිති ලිට්‌රෝ ගෑස් මුදල් උපයන ආයතනයකි. ෂෙල් ගෑස් ලංකා සහ ෂෙල් ටර්මිනලස් වසර කීපයකට පෙර ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව ඇමරිකානු ඩොලර් මිලියන 63 කට මිලට ගත්තේය. එම මිලට ගත් ආයතන දෙක ලිට්‌රෝ ගෑස් සහ ලිට්‌රෝ ටර්මිනලස් ලෙස නම් කෙරිණි. මෙහිදී ඉතාම වැදගත් වන්නේ ලිට්‌රෝ ආයතනවල ප‍්‍රධාන කොටස් හිමිකරුවා ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව බවය. මෙම ආයතන දෙකම මේ රටේ බදු ගෙවන ජනතාවට වගකිව යුතු පාර්ලිමේන්තුවේ පූර්ණ අධීක්‍ෂණයට ලක් විය යුතු ව්‍යාපාර වේ. බලයේ සිටින දේශපාලන පක්‍ෂයකට කිසි ලෙසකින්වත් මෙම ආයතන තම අභිමතය පරිදි යොදා ගැනීමට නොහැකි විය යුතුය. නමුත් ජනතාවගේ අවාසනාවකට මෙම රටක් වටිනා ආයතන දේශපාලන පක්‍ෂ තම ග‍්‍රහණයට ගෙන ඇත.

2015 ජනවාරි මස එවකට පැවැති රජයට එරෙහිව මිලියන 6.2 ජනතාව තම ඡුන්දය පාවිච්චි කිරීමට හේතු වූ ප‍්‍රධාන කරුණක් වූයේ දූෂණය” අක‍්‍රමිකතා සහ මූල්‍යම වංචා බව අමුතුවෙන් කිව යුතු නැත. ලිට්‌රෝ ගෑස් ආයතනය සිරිසේන – වික‍්‍රමසිංහ රජයේ මැදිහත්වීම මත පූජ්‍ය දඹර අමිල හිමිට මාස්පතා කළ ගෙවීම මහජන මුදල් අවභාවිතයක් බව පිළිගත යුතුය. ලිට්‌රෝ ගෙවීම් වරදක් නම් රාජපක්‍ෂ සමයේ පත්වීම පිළිබඳව ද විමසා බැලිය යුතුව ඇත. රටම හඳුනන ‘රාජකීය. ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්‍ෂ තනතුරකින් මඩිය තරකර ගත් බව අමතක කළ යුතු නොවේ. මෛති‍්‍රපාල සිරිසේන 2015 ජනාධිපතිවරණය ජයග‍්‍රහණ කළ පසුව අබේගුණවර්ධන ලිපියකින් තම ‘සේවය. සිරිසේන ජනපතිවරයාට පිදීමට ඉදිරිපත් වූ බව ජනාධිපතිවරයා වරක් මෙම ලියුම්කරු සහ ඬේලි මිරර් පුවත්පතේ සඳුන් ජයසේකර සමඟ පැවසීය.

2015 බල පෙරළියත් සමග එජාප ප‍්‍රමුඛ රජය තම සගයන්ට දොලපිදේනි දීමට පටන් ගත්තේය. ලිට්‌රෝ ගෑස් ආයතන ශලීල මුණසිංහට භාර විය. නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ (New Demorcratic front) නායක ශලීල මුණසිංහ ලිට්‌රෝ සභාපති විය. මුණසිංහට එවැනි තනතුරක් ලබා දුන්නේ ඇයි? මුණසිංහට ‘සල්ලි මවන. ලිට්‌රෝ ආයතනය භාර දුන්නේ කවුද? එම පත්වීම එජාප තනි තීරණයක්ද? ඇත්ත වශයෙන්ම ශලීල මුණසිංහ ලිට්‌රෝ ගෑස් ආයතනයේ සභාපතිවීම 2017 ඔක්තෝබර් වනතුරු කිසිදු සාකච්ඡාවකට ලක් නොවීය.

පූජ්‍ය දඹර අමිල ඇතුළු 60 ආසන්න ප‍්‍රමාණයකට රහස්‍ය ගෙවීම් ආරම්භ කර තිබුණේ ශලීල මුණසිංහ ලිට්‌රෝ සභාපති ධුරය දැරූ සමයේ බව පැහැදිලිය. 2017 ඔක්තෝබර් මස ශලීල මුණසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප ප‍්‍රමුඛ රජයට සිදුවිය. තායිවානයේ ෆා ඊස්ටර්න් (Far Eastern) බැංකු පද්ධතියට අයථා ලෙස ඇතුළු වී ඇමෙරිකානු ඩොලර් මිලියන 2.1 වෙනත් බැංකු පද්ධතිවලට හැරවීමේ වරදට ශලීල මුණසිංහ ශී‍්‍ර ලංකා පොලිසියේ අත්අඩංගුවට පත් විය. මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ශලීල එම නඩුවේ දෙවැනි සැකකරු විය. අධිකරණයට ඉදිරිපත් කිරීමත් සමඟ ම චූදිතයා බි‍්‍රතාන්‍ය පුරවැසියකු බවට හෙළි විය.

විදේශිකයකු ශී‍්‍ර ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්‍ෂයක සභාපති වූයේ කෙසේද? එවකට මැතිවරණ දෙපාර්තමේන්තුව කිසිදු සොයා බැලීමකින් තොරව දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කළ බව පැහැදිලිය. මැතිවරණ දෙපාර්තමේන්තුව අද වනතුරුත් මෙම තත්ත්වය පිළිබඳව නිල වශයෙන් ප‍්‍රකාශයක් කර නැත. එවැනි ප‍්‍රකාශයක් කිරීමට ශක්තියක් නැත. මෙම ලියුම්කරු මාස ගණනාවකට පෙර මැතිවරණ කොමිසමේ වර්තමාන සභාපති මහින්ද දේශපි‍්‍රයගෙන් විමසීමක් කළේය. ශලීල මුණසිංහගේ පක්‍ෂය ලියාපදිංචි කරන විට තමා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියාව සිටියේ නැති බව ප‍්‍රකාශ කළ දේශපි‍්‍රය අදාළ තත්ත්වය ගැන කටයුතු කරන බව පැවසීය.

තායිවාන බැංකුවෙන් මුදල් සොරකම් කළ සිද්ධියේ පළමුවැනි සැකකරු ජනක චමින්ද නම්මුණි විය. ඔහු බි‍්‍රතාන්‍ය සහ ශී‍්‍ර ලංකා ද්විත්ව පුරවැසිභාවයට හිමිකම් ලබා සිටින පුද්ගලයෙකි. ශී‍්‍ර ලංකා යුද හමුදාවේ විශ‍්‍රාමික ප‍්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජනරාල් ජාලිය නම්මුණිගේ පුතා විය. තමන්හට අයත් නොවන කෝටි ගණනක මුදල් ගෙන්වා ගෙන තිබුණේ ලංකා බැංකුවේ කොළඹ පිහිටි ප‍්‍රධාන ශාඛාවකටය. තායිවාන වංචාවට ඉන්දියානු ජාතිකයන් කීපදෙනකු සම්බන්ධ විය.

ශලීල මුණසිංහගේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ කලකට පෙර දේශපාලනයේ යෙදුණු Democratic United National Front (DUNF‍) මතු වූ දේශපාලන පක්‍ෂයක් විය. එජාපයේ නම රැන්දූ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක වැනි දේශපාලනයේ පතාක යෝධයන් නියෝජනය කළ පසු කලක ශලීල මුණසිංහගේ නායකත්වයෙන් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ලෙස ලියාපදිංචිය ලබාගත් බව මතක තබා ගත යුතුය.

ශලීල මුණසිංහගේ පක්‍ෂය 2015 රාජපක්‍ෂ රජය පෙරළීමට කළ ප‍්‍රබල දායකත්වය වෙනුවෙන් ලිට්‌රෝ ගෑස් මුණසිංහට භාර දුන්නාද? මුණසිංහගේ පක්‍ෂය කළ එම දායකත්වය කුමක්ද?

හංසයා 2009 පක්‍ෂයක් ලෙස ලියාපදිංචි වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජනරාල් සරත් ෆොන්සේකාට ඉඩකඩ සලසා දුන්නේය. 2010 පොදු අපේක්‍ෂකයා හංසයා ලකුණෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමඟ සටනට පිවිසියේය. ‘කොටි. විනාශ කර රටට සාමය ලබා දුන් සිංහ රෙජිමේන්තුවේ ෆොන්සේකා ‘හංසයා. මතට තැබුවේ කවුරුද? තම ඡුන්දයවත් දීමට නීත්‍යනුකූල අයිතියක් නොතිබූ ෆොන්සේකා ‘හංසයා. හරහා ජනාධිපති තරගයට ඉදිරිපත් කිරීම එජාප- ජවිපේ- ටීඑන්ඒ (ද්‍රවිඩ ජාතික සංධානය) එකට එක් කළ මෙහෙයුම බව අද බොහෝ දෙනාට මතක නැත. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයද එම මෙහෙයුමේ ප‍්‍රබල කොටස්කරුවකු විය. මෙම සංධානය බිහි කිරීමට ඇමරිකාව වින්නඹුකම් කළ බව මතක තබාගත යුතුය. එවකට ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු තානාපති වොෂින්ටන් නුවරට යැවූ රහස්‍ය ලිපියක් 2010 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව සමාජගත විය. ද්‍රවිඩ ජාතික සංධානය එජාප ප‍්‍රමුඛ දේශපාලන ප‍්‍රවාහයට එක්කාසු කිරීමට ඇමෙරිකාව කළ කි‍්‍රයාදාමය එම ලිපියෙන් හෙළිදරව් විය. එවකට ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ සභාපති බෂීර් සේගුඩාවුඞ් ඇමෙරිකානු තානාපති නිලධාරියකු සමඟ 2005 ජනපතිවරණය පිළිබඳව කළ සාකච්ඡාවක්ද එවැනිම ලිපියක් හෙළිදරව් වීම හේතුවෙන් සමාජගත විය. ‘විකිලීක්ස්. හෙළිදරව්ව සම්බන්ධයෙන් කිසිදු රජයක්” මැතිවරණ දෙපාර්තමේන්තුව”මැතිවරණ නිරීක්‍ෂක කණ්ඩායම් හෝ සිවිල් සංවිධාන වචනයක් කතා කළේ නැත. රටට කරන අනිසි අතපෙවීම් පිළිබඳව කිසිදු අදහසක් පළ කිරීමෙන් වැළකීමට අප රටේ අසමත් දේශපාලන පක්‍ෂ වග බලා ගත්තේය.

ඇත්ත වශයෙන්ම ශලීල මුණසිංහවත් තම පක්‍ෂයෙන් 2015 ජනවාරි මැතිවරණයේදීද පොදු අපේක්‍ෂකයා ඉදිරිපත් වනබව සිහිනයකින්වත් සිතන්නට නැත. නමුත් එම අදහාගත නොහැකි තත්ත්වය උදා විය. පුදුමය 2010 ජනපතිවරණට ෆොන්සේකා ඉදිරිපත් කළ එජාප-ජවිපේ- ද්‍රවිඩ ජාතික සංධානය 2015 දී ද පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමයි. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයද මෙම මෙහෙයුමේ ප‍්‍රබල කොටස්කරුවකු විය. 2010දී එම අශුද්ධ සංධානයේ කුරුමානම වැරදුණු නමුත් 2015 දී මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඔවුන් හට හැකි විය. ‘හංසයා.ගෙන් තම දේශපාලනය අභිලාෂය ඉටු කරගත් මෛතී‍්‍ර – වික‍්‍රමසිංහ කණ්ඩායම ජනාධිපති පත් කළ පක්‍ෂයේ නායකයාට ලිට්‌රෝ ගෑස් සභාපතිකමින් පිදීම පිළිබඳව පුදුම විය යුතු නැත.

ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ සභාපතිකම වුවත් ලබාගැනීමට ශලීල මුණසිංහට හැකියාව තිබූ බව මෙම ලියුම්කරුගේ හැඟීමයි. නමුත් ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සභාපතිකම එජාපයේ ප‍්‍රබලයකු වූ චරිත රත්වත්තේගේ සහෝදර සුරේන්ට හිමි විය. ඔහුට පෙර එම තනතුර දැරූ එවකට ජනපති රාජපක්‍ෂගේ මස්සිනා වූ නිශාන්ත වික‍්‍රමසිංහ මෙන්ම රත්වත්තේද රුපියල් මිලියන තුනකට අධික මාසික වැටුපක් කඩා වැටෙමින් තිබූ ගුවන් සමාගමෙන් ලබාගත් බව රහසක් නොවේ.

ලිට්‌රෝ ගෑස් සභාපති ශලීල මුණසිංහ 2017 ඔක්තෝබර් මස තායිවාන බැංකු මංකොල්ලයේ දෙවැනි සැකකරු වීමෙන් පසු වර්තමාන ජනාධිපතිවරයා ඔහුගේ පක්‍ෂයෙන් පත්වීම පිළිබඳව නැවත සිතා බැලිය යුතුය.

ලිට්‌රෝ හිමිකාරිත්වය ලිට්‌රෝ ආයතනයේ සභාපති පත්කිරීම එම ව්‍යාපාරයේ ප‍්‍රධාන කොටස්කරු ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාවේ වගකීමයි. එජාපය ලිට්‌රෝ හරහා කළ ගෙවීම් ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව කටයුතු කළ ආකාරය පිළිබඳව විමසීමක් කළ යුතුව ඇත. රාජ්‍ය අංශයට අයත් ශී‍්‍ර ලංකා රක්‍ෂණ ආයතනය අප රටේ ජනතාවගේ විශ්වාසය දිනූ මූල්‍ය ශක්තිය අතින් ඉතා ප‍්‍රබල තත්ත්වයක පවතින ආයතනයකි. 2001 දෙසැම්බර් පත්වූ එජාපය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු රජය සාහසික ලෙස රක්‍ෂණ සංස්ථාව සීමාසහිත සමාගමක් බවට පත් කළේය. පෞද්ගලිකරණය කළේය. වසර 6 කට පසු 2009 ජුනි මස මුල් සතියේදී එම ආයතනය නැවත රාජ්‍ය අංශයට එකතු වූයේ අප රටේ ඉහළම අධිකරණයේ සහය වාසුදේව නානායක්කාර පැතූ නිසාය. එතුමාට අප රටේ ජනතාවගේ ගෞරවය හිමිවිය යුතුමය. රුපියල් බිලියන 125 වත්කම් තිබූ ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව රුපියල් බිලියන 6 කට පෞද්ගලික ආයතනයකට පවරා දීම එජාපය කළේය. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව එම දූෂිත ගනුදෙනුව පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් එවකට පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජයදාස රාජපක්‍ෂ මෙහෙයවීම යටතේ කළේය. විජයදාස රාජපක්‍ෂගේ වාර්තාව පසුව පාර්ලිමේන්තු වාර්තාවක් ලෙස සියලූ කිසිදු පාර්ශ්වයක විරුද්ධතාවක් නොමැතිව සම්මත විය. එම වාර්තාව අනුව ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව නැවත රජයට පවරා ගත යුතු බවට දැඩි ලෙස නිර්දේශ කර තිබිණි. එම වාර්තාව පදනම් කරගෙන වාසුදේව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරීය. ශේ‍්‍රෂ්ඨාධිකරණයේ තීරණය අහස පොළව නුහුලන ආර්ථික අපරාධය දින 14 තුළ නිවැරැදි කිරීමට නියෝගයක් ලබා දුන්නේය. එම තීන්දුව අනුව නැවතත් එම ශී‍්‍ර ලංකා රක්‍ෂණ ආයතනය රජයට 2009 ජුනි 4 පවරා ගැනිණි. විජයදාස රාජපක්‍ෂ මහතාගේ බලවත් පරිශ‍්‍රමය නොවන්නට පාර්ලිමේන්තුව ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව පෞද්ගලික අංශයේ ග‍්‍රහණයෙන් ගලවා ගැනීමට මැදිහත් නොවන බව කවුරුත් මතක තබාගත යුතුය. පාර්ලිමේන්තුව පොදු ව්‍යාපාර කාරක සභාව හරහා විජයදාස රාජපක්‍ෂ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව නැවත ජනතාවට ලබාදීම පිළිබඳව ගෞරවය නොමඳව හිමි විය යුතුය.

මුදල් 2ලිට්‌රෝ ගෑස් අයිතිය ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව සතු නම් එම ආයතනයට දේශපාලන කරුණු කාරණා පදනම් කරගෙන මූල්‍යම ගෙවීම් කිසිදු ආකාරයට අවසර නොමැතිව කළ නොහැක. ලිට්‌රෝ හිමිකාරිත්වයට අමතරව ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාවට කොමර්ෂල් බැංකුවේ (9.4%)” ෘත්‍ක්‍ක්‍ බැංකුවේ (10%)” හැටන් නැෂනල් බැංකුවේ (14.7%)” සෙලාන් බැංකුවේ (15%) සහ නැෂනල් ඩිවලප්මන්ට් බැංකුවේ (10.4%) කොටස් අයිතිය. එලෙසම ලංකා හොස්පිටල් ඇතුළු ව්‍යාපාරවල ආයෝජනය කර ඇත. කලම්බෝ ඩොක්යාර්ඞ් ලිමිටඞ් ආයතනයේ කොටස් 10% ද” ශී‍්‍ර ලංකා රක්‍ෂණයට හිමිය.

ශී‍්‍ර ලංකා රක්‍ෂණයට අයත් ලිට්‌රෝ ආයතනය ‘දේශපාලන ගෙවීම්. කිරීමට යොදා ගැනීම හෙළිවීමත් සමගම ඒ ආකාරයට ගෙවීම් කළ/ කරන රජයේ ආයතන පිළිබඳව සොයා බැලීමත් කළ යුතුමය. සියලූ අයථා ගෙවීම් නතර කිරීමට කාලය පැමිණ ඇත. දේශපාලන නියෝග මත පිටස්තරයන්ට මාසික ගෙවීම් කළ එකම රජයේ ආයතනය ලිට්‌රෝ ගෑස් නොවේ. එලෙසම මහජන මුදල් එලෙස මාසිකව ලබාගත් එකම කණ්්ඩායම පූජ්‍ය දඹර අමිල අයිති ලිට්‌රෝ ‘ප‍්‍රවර්ධන. සමාගම නොවේ.

තුන්වේල නිසියාකාරව සපයා ගැනීමට හැකියාවක් නොමැති ජනතාවක් පාලනය කරන සියලූ රජයන් තම නෑදෑයන්” හිතවතුන් සහ පාක්‍ෂිකයන් පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු තනතුරු ඇතුළුව සෑම අංශයකටම පත් කරති. එළිපිට කරනු ලබන පත් කිරීම්වලට අමතරව තම තමන්ගේ හිතවතුන්ට රහස්‍ය ගෙවීම් කරති. මෙවැනි රහස්‍ය ගෙවීම් සහ අනෙකුත් වාසි ලබන කණ්ඩායම් බොහෝ ක්‍ෂේත‍්‍රවල පුද්ගලයන් සිටිති.

පූජ්‍ය දඹර අමිල හිමි එලෙස මුදල් ලබාගත් එක් අයකු පමණි. කෙසේ වෙතත් ලිට්‌රෝ හෙළිදරව්වත් සමඟ සිවිල් සංවිධාන කි‍්‍රයාකාරීන් පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත. ‘පුරවැසි බලය. සංවිධානය සමඟ එකට කටයුතු කළ පූජ්‍ය දඹර අමිල හිමි සම්බන්ධයෙන් ඇතිවී තිබෙන කතාබහ එම සිවිල් සංවිධානයට පහසුවෙන් බැහැර කළ නොහැක. පසුගිය පළාත් පාලන මැතිවරණය එජාපය සහ ශී‍්‍ර ලනිපය ලැජ්ජා සහගත ලෙස පරාජය වූ පසු මරදානේ පැවැති පුවත්පත් හමුවකදී පූජ්‍ය දඹර අමිල ඇතුළු ‘පුරවැසි බලය. නායකයෝ තමන් කිසිදු ‘වාසියක්. යහපාලන රජයෙන් ලබාගෙන නොමැති බවත්” ඉදිරියේදී නොගන්නා බවත් ප‍්‍රකාශ කළ බව මෙම ලියුම්කරුට මතකය. මෙම ලියුම්කරු ද එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී විය. එහිදී මෙම ලියුම්කරු ‘පුරවැසි බලය. ප‍්‍රකාශයන්ගෙන් විදේශීය බලවේග ශී‍්‍ර ලංකාවේ දේශපාලනික දිශානතිය වෙනස් කිරීමට මුදල් ආයෝජනය කිරීම පිළිබඳව ප‍්‍රශ්නයක් නැඟීය. එම ප‍්‍රශ්නය එලෙසම ‘පුරවැසි බලයේ. ගාමිණී වියන්ගොඩ සහ සමන් රත්නපි‍්‍රය සමඟ ‘හිරු. නාලිකාවේ ‘බලය. වැඩසටහනේදී ද මතු කළේය.

මෙම ලියුම්කරු ‘පුරවැසි බලය. ප‍්‍රකාශයන්ගෙන් ඇමරිකාව 2015 ජනාධිපතිවරණයේදී එම රට බලාපොරොත්තු වූ දේශපාලන වෙනස මෙහි ඇති කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන ගණනාවක් ආයෝජනය කිරීම පිළිබඳව විමසීය.

තම සංවිධානය කිසිදු ඇමරිකානු මූල්‍යම ආධාර ලබා නොගත් බව ඔවුහු සපථ කළහ. මෑතකදී ‘නිව්යෝර්ක් ටයිම්ස්. පුවත්පත චීන රජයට හිමි ආයතනයක් මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයට ඇමරිකානු ඩොලර් මිලියන 7.6 2015 ජනපතිවරණයේදී වියදම් කළ බව චෝදනා කළේය. ඇමෙරිකානු ආයෝජනය චීන ආයෝජනයට වඩා බෙහෙවින් ඉහළ බව සඳහන් කළ යුතුය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී 2016 ප‍්‍රකාශ කළේ නයිජීරියාවේ” මියන්මාරයේ හා ශී‍්‍ර ලංකාවේ 2015 ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 585 වියදම් කළ බවය. ශී‍්‍ර ලංකාව තුළ මෙම මුදලින් තුනෙන් එකක් වියදම් කළේ නම් ඇමරිකානු ඩොලර් මිලියන 190 අධික මුදලක් රාජ්‍ය තන්ත‍්‍රය වෙනස් කිරීමට වැයකළ රහසක් නොවේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 585 න් පහෙන් එකක් ශී‍්‍ර ලංකාවේ ආයෝජනය කළා නම් ඇ.ඩො.මි. 115 පමණය.

මෙම ලියුම්කරු ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් මෙම මුදල් ආයෝජනය පිළිබඳව කළ විමසීමට පිළිතුරක් ලැබුණේ නැත. පූජ්‍ය දඹර අමිල හිමි ‘යහපාලනය. වෙනුවෙන් පෙනී සිටීමට ලිට්‌රෝ හරහා ජනතා මුදල් ලබාගැනීමත්” ඇමෙරිකාව” ශී‍්‍ර ලංකාව තුළ 2014 -2015 කළ ආයෝජන පිළිබඳවත් සොයා බැලිය යුතුය.

2015 ජනවාරි ජනපතිවරණය සහ 2015 අගෝස්තු මහා මැතිවරණය අතර කාලය තුළ ඇමරිකාව හදිසි ආයෝජන ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 3.4 වියදම් කර ඇත. මෙම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව පැහැදිලි නැත.

ශලීල මුණසිංහ තායිවාන මුදල් වංචාව හෙළිවීමෙන් පසු ලිට්‌රෝ ආයතනයෙන් ඉවත් කළේය. මුණසිංහගේ හිස් වූ පුටුවට නිශ්ශංක නානායක්කාර පත් කළේ එවකට ශී‍්‍ර ලංකා රක්‍ෂණ ආයතනයේ ප‍්‍රධානි හේමක අමරසූරිය විසිනි. මැතකදී රජය ආචාර්ය කේ. ඒ. එස්. කීරගල ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපති ලෙස පත් කළේය. එම පත්වීම සිදුවූයේ පූජ්‍ය දඹර අමිල හිමියන් පිළිබඳව පුවත රැව් පිළිරැව් දෙන අවස්ථාවකය.

හේමක අමරසූරිය ශී‍්‍ර ලංකා රක්‍ෂණ සංස්ථාව භාරගත්තේ 2015 පෙබරවාරි 14 දාය. වසර තුනකට පසු රටක් වටිනා එම ආයතනය ආචාර්ය කීරගල භාරගෙන ඇත. විශේෂ අධිකරණයේ කළ හෙළිදරව්වෙන් පසුව ලිට්‌රෝ ආයතනය පිටස්තරයන්ට කළ ගෙවීම් නැවැත්වීමට තීරණය කර තිබේද? දැනටම නවතා දමා තිබේද? තොරතුරු දැන ගැනීම පනත ස්ථාපිත කර තිබෙන ශී‍්‍ර ලංකාවේ පවතින රජය මෙම තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුතුය.

නව විදේශීය ආයෝජන රටට ආකර්ෂණය කර ගැනීම මෙන්ම අප රට තුළ සිදුවෙන ජාතික ආර්ථිකයට දරාගත නොහැකි දූෂණ” වංචා සහ අක‍්‍රමිකතා නවතා දැමිය යුතුය. රජයේ මුදල් හොර පාරින් යෑම නවතා දැමිය යුතුය. ලිට්‌රෝ ගෙවීම් නවතා පවතින රජයට මෙම කාර්යයට අත ගැසිය හැක.

මෑතකදී කෙහෙළිය රඹුක්වැල්ල මන්තී‍්‍රවරයා එජාපයට බරපතළ අනතුරු ඇඟවීමක් කළේය. බැඳුම්කර වාර්තා ළඟදීම ජනතාවට ඉදිරිපත් කරන බවත් එහි දූෂිත පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයෙන් මුදල් ලබාගත් සියලූ දෙනාම හෙළිවෙන බවත් ය. මහා බැංකු- පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හවුල කි‍්‍රයාත්මක වී ඇති ආකාරය පුදුමාකාරය. පූජ්‍ය දඹර අමිල හිමි යහපාලන රජයට කළ සේවය වෙනුවෙන් ලිට්‌රෝ මුදල් ගෙවීමක් කළ ලෙසට ජනතා නියෝජිතයන් ද තමන් කළ යම් කාර්යයක් වෙනුවෙන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයෙන් මුදල් ලබාගෙන ඇත. එසේත් නැතිනම් අනාගතයේ සහයෝගය ලබා ගැනීමට මුදල් ගෙවීම් කර ඇත. පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් එවකට මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රට ගෙවීම් කර ඇත. සුජීව සේනසිංහ (රුපියල් මිලියන 3)” දයාසිරි ජයසේකර (රුපියල් මිලියන 1)” සරත් ෆොන්සේකා (රුපියල් 100,000) මෙලෙස මුදල් ලබාගත් බවට හෙළි වී ඇත. මහේන්ද්‍රන් ලබාගත් මුදල් මිලියන 3.2” මහ බැංකු පර්පෙචුවල් වංචාව හෙළි වී ඇති තත්ත්වයන් තුළ ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය 2016 අගෝස්තු ජාත්‍යන්තර සමුළුවක් කොළඹදී පැවැත්වීමට රුපියල් මිලියන 2.5 පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයෙන් ලබා ගැනීම අදහා ගැනීමට අපහසුය. රාවය සහ මෙම ලියුම්කරු Sunday Island මෙම මුදල් ප‍්‍රමාණය හෙළි කරන තුරු නීතිඥ සංගමය මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නිහඬව සිටියේය. නීතිඥ සංගමය මෙම මුදල ලබාගත්තේ බැඳුම්කර මගඩි දෙකම හෙළිදරව් වූ පසු බව මතක තබා ගත යුතුය.

පූජ්‍ය දඹර අමිල ප‍්‍රබල ප‍්‍රහාරයකට ලක්වීමට උන්වහන්සේ ජනාධිපති සිරිසේන මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත් කිරීමට එරෙහි අධිකරණයට යෑමට හේතුවූ බව නොකියා ම බැරිය. පූජ්‍ය අමිල හිමියන් ලිට්‌රෝ ආයතනයෙන් මාස්පතා ගෙවීම් ලබා ගැනීම සමහරු වරදක් ලෙස සලකන්නේ පූජ්‍ය අමිල හිමියන් දරන දේශපාලන ස්ථාවරය එජාපයට වාසිදායක නිසාය. මෙම තත්ත්වය ඇත්ත වශයෙන්ම ඛේදවාචකයකි. තම දේශපාලන විරුද්ධවාදීන් විසින් සිදු කරනු ලබන වැරදි තම කණ්ඩායමේ සාමාජිකයන් කරන විට කිසිදු හිරිකිතයක් නැතිව සිටීමට හැකි ශී‍්‍ර ලාංකිකයෝ ඇත.

ජනතා නියෝජිතයන්” ඉහළ නිලධාරී පැලැන්තිය” සිවිල් සංවිධාන” ආගමික නායකයන් සහ ජනමාධ්‍ය ශී‍්‍ර ලංකාව දරුණු පිරිහීමට ලක්වීමට වගකිව යුතුය. ජනතා නියෝජිතයන් කරන අහස පොළොව නුහුලන අකටයුතුකම් තම තමන්ට ලැබෙන පෞද්ගලික වාසි ප‍්‍රයෝජන ලබාගැනීමට නිහඬව සිටිති. ශී‍්‍ර ලංකන් ගුවන් සේවය විනාශ කළ ජනතා නියෝජිතයන් සහ නිලධාරීන් ද ආරක්‍ෂා කරති. කුමන ආගමික ස්ථානයට පැමිණියත්් ආශිර්වාද ලබති. බැඳුම්කර සොරුන්හට ද එලෙසම ආරක්‍ෂාව ලබාදෙයි. ආගමික නායකයෝ ඔවුන්ට ආශිර්වාද කරති. සිවිල් සමාජය දූෂිත ජනතා නියෝජිතයන් වෙනුවෙන් පෙනී සිටිති. වංචනිකයන් ආගමික ස්ථානවලට වැද්ද නොගැනීමට තීරණය කළහොත් පල්ලි” පන්සල් කෝවිල් වන්දනාමාන කිරීමට ඒමට එකෙකුවත් සොයාගැනීමට නොහැකි වනු ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More