විදේශ පුවත්

ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී මෙම වසර අවසානයේ සිය ධූරයෙන් ඉවත් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ජෝන් කෙලී ඉල්ලා අස්වන බවට මීට පෙර මාධ්‍ය වාර්තා පළ වුව ද ධවල මන්දිරය එය තහවුරු කළේ නැත.

එහෙත් ඔහු ඉල්ලා අස්වන බව අමෙරිකානු ජනාධිපතිවරයා නිල වශයෙන් නිවේදනය කළේ, ඔහුගේ සේවය ද ඇගයීමට ලක් කරමිනි.

ජෝන් කෙලී පළමුව අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය.

පසුව ඔහු කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයට පත්වුණේ, එවකට ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ රෙයින්ස් ප්‍රීබස් ඉල්ලා අස්වීමත් සමගයි.

කෙසේ වෙතත් ජෝන් කෙලී සිය ධූර කාලය තුළ ආන්දෝලනාත්මක තීන්දු රැසක් ගනු ලැබුවේ ය.

එහෙත් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා සමග මත ගැටුම් ඇතිවූයේ දෙදෙනා පරස්පර අදහස් දැරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජෝන් කෙලී, අමෙරිකානු ජනපතිගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැඩි පීඩනයකට ලක් ව සිටි බව ද විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් ජෝන් කෙලී ඉල්ලා අස්වන බව නිල වශයෙන් නිවේදනය කරමින් ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, ඔහු වසර දෙකක කාලයක් කළ සේවයට තමා ගරු කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More