දේශීය පුවත්

ශ‍්‍රී ලංකාවේ රජයක් නැති නිසා ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනයට ලක්වීමට ඉඩ ඇති බවට දක්වමින් ආර්. 2. පී. (R2P) ප‍්‍රඥප්තිය මත සාම හමුදාවක් උතුරු නැගෙනහිරට යවන ලෙස කොටි ඩයස්පෝරාව සහ එන්. ජී. ඕ. සංවිධාන කිහිපයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස්ගෙන් ඉල්ලා ඇත.

ඇති වී තිබෙන අර්බුදය නිසා ශ‍්‍රී ලංකාව ලේ විලක් වන බවට සිංහල දේශපාලනඥයන් කිහිපදෙනකු ද පෙන්නුම් කර ඇතැයි ඔවුන් සඳහන් කර තිබේ.

මෙම ආර්. 2. පී. ප‍්‍රඥප්තිය යටතේ රටක කලබලකාරී වාතාවරණයක් ඇතිවුවොත් ඊට මැදිහත් විය හැකිය.

මේ ඉල්ලීමට සමගාමීව බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය සහ කොටි හිතවාදී බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරු කණ්ඩායමක් විදේශ ලේකම් මාර්ක් පිල්මි හමු වී ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව බර පතළ අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා ඇති බවත් හිටපු කොටි ක‍්‍රියාකාරීන් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් පෙන්නුම් කර වහාම ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි ඉල්ලා ඇත.

වව්නතිව් ඝාතනය ගැන හිටපු කොටි 20 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ද මොවුන් දක්වා ඇත්තේ ද්‍රවිඩයන්ව මර්දනය කිරීමක් ලෙසිනි.

වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා ද ආර්. 2. පී. ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි කොළඹ වාර්ගික අධ්‍යයන ආයතනයේ ප‍්‍රධානි රාජා මානි රජය පිටුවහල් කර තිබුණි.

Irida Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More