දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ බවත් අද ඇත්තේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති නොවන බව ජේ.ආර්.ජයවර්ධනගේ මුණුපුරු ප්‍රදිප් ජයවර්ධන මහතා පවසයි.

TTVnews වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා පවසා අත්තේ සෑබෑ එක්සත් ජාතික පක්ෂයක් මේ වන විට සිරිකොත නොමැති බවය.

මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දේශපාලනිකව ගෙන ඇති තීන්දු තීරණවලට තමා එකඟ වන බව ද හෙතෙම පැවසයි.

එසේම සෑබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් තමා සමඟ සිටින බවත් ඔවුන්ට වසර 25 ක කාලයක් තිස්සේම සිදුව ඇත්තේ නිහඩව මේ සිදුවන දේ බලා සිටිම බව ද ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට නොබෙදන විදේශ ප්‍රතිපත්තිවලට යටත් නොවන පක්ෂයක් බවත් තමා එහි සාමාජිකත්වය ගැනීමට කටයුතු කළ අතර ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කරන බවය.

ඉදිරියේදී විදේශ බලවේගවලට නොබියව මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඒ සඳහා තමන්ගේ සහාය පුර්ණ වශයෙන් දක්වන බව ජේ.ආර්.ජයවර්ධනගේ මුණුපුරු ප්‍රදිප් ජයවර්ධන මහතා පවසයි.

දේශපාලඥයෙකුට බලය අවශ්‍ය බවත් තමා ඉදිරියේදී ඇති අභියෝගයට මුහුණ දීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.



One thought on “එජාපය විනාශ කරන්නේ රනිල්..ජනපති ගත් තීන්දුව හරි.. – ජේ ආර්ගේ මුණුපුරාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්”

  1. මේවෙනවිට සිරිසේන ජනාධිපති තුමා විසින් ශ්‍රීලංකා නිදහස් පක්ශය ඉතිහාසයේ කවරදාකවත් නොවූ අයුරින් ඉතාමත් ශක්තිමත් තත්වයකට ගෙනවිත් ඇති අතර රනිල්ගේ නායකත්වය යටතේ කිදා බහිමින් තිබූ UNP එකට නව ජීවයක් ලාබාදී ඇත.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More