දේශීය පුවත්

අධිකරණ තීන්දුවලට ගරු නොකරන, ව්‍යවස්ථාවට ගරු නොකරන, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරණ, දේශපාලන සදාචාරයක් නැති පාලකයන් ඉන්නා රටක අධිකරණ තීන්දු මගින් පමණක් විසඳුම් සෙවිය නොහැකි බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දියත් කළ කුමන්ත්‍රණය අධිකරණය මගින් ලබා දෙනු ලබන තීන්දුවලින් පමණක් අවසන් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

රටක් පාලනය කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් මේ වනවටි මතුව ඇති දේශපාලන අර්බුදයේ ආරම්භකයා විධායක ජනාධිපතිවරයා බවත් රටම අරාජිකත්වයකට ඇද දමා තිබෙන මෙම දේශපාලන අර්බුදයට ජනාධිපතිවරයා වගකිවයුතු බවත් මෙහිදී බිමල් රත්නායක මහතා අවධාරණය කළේ ය.

පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාව, අධිකරණය නොතකා කටයුතු කිරිමට ජනාධිපතිවරයාගේ විධායක බලය උපයෝගී වන බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව යළි යළිත් තහවුරු වන බවත් මෙහිදී බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More