දේශීය පුවත්

19 වැනි ව්‍යවස්ථාවේ අයහපත් පැත්තට වගකිව යුත්තේ හදිසියේ එය සම්මත කරගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහය දුන් පිරිස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

මෑත කාලයේ දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ටෙන්ඩර් දමා මිල ගණන් කැඳවීම් සිදුවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඇතැම් මන්ත්‍රීවරුන් රුපියල් මිලියන 500 දක්වා ඉහළ මිල ගණන් ලංසු තැබූ බව තමන් පුද්ගලිකව දන්නා බව ද ඔහු සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය සදා ගැනීමට නොහැකි වූයේ මන්ත්‍රීවරුන්ගේ මිල ගණන් ඉහළ යාම නිසා බවද ජනාධිපතිවරයා කියයි.

එසේ නොවී මහින්ද රාජපක්ෂ මහතා 113 සාදා ගත්තේ නම් මෙම ප්‍රශ්නය මෙතරම් දුර නොඇදෙන බව ද ඔහු සඳහන් කරයි.

ඩේලි මිරර් පුවත්පත සමග සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ 113 සකස් කර ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් කරන ප‍්‍රකාශය අනුව පෙනී යන්නේ එක්සත් ජාතික පක්‍ෂය විසින් බහුතරය සකස් කරගෙන ඇත්තේ ඒ සා විශාල මුදලක් වියදම් කර ඇති බව විය හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More