ව්‍යාපාරික පුවත්

මෙරටට බඩඉරිඟු ආනයනය ලබන වසරේ දී සියයට 50 කින් අවම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පියවර ගෙන ඇත.

මෙරටට ඉතාමත් හොඳින් වගා කළ හැකි බෝගයක් වන බඩඉරිඟු මෙතෙක් අපේ රටේ ජාතික අවශ්‍යතාවට සරිලන පරිදි වගා කෙරී නැත. පසුගිය වසරේ මෙරට බඩඉරිඟු වගා කරන ලද ඉඩම් ප්‍රමාණය අක්කර 150,000කි. ඉන් ලද අස්වැන්න ප්‍රමාණවත් නොවූ බැවින් එම වසරේ දී බඩඉරිඟු මෙට්ට්‍රික් ටොන් 164000ක් මෙරටට ආනයනය කර තිබේ. ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 23000 කි.

මෙවර මහ කන්නයේ දී මෙරට බඩඉරිඟු වගා කෙරෙන අක්කර ප්‍රමාණය 250000ක් දක්වා ඉහළ නංවා තිබෙන අතර, එමඟින් ජාතික අවශ්‍යතාව සියයට 50ක් සපුරා ගැනීමට හැකි වෙතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය අපේක්ෂා කරයි. මේ වසරේ මේ වන විට මෙරටට ආනයනය කර ඇති බඩඉරිඟු ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 80000ට ආසන්නය. බඩඉරිඟු ආනයනකරුවන් බඩඉරිඟු මෙට්ට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට බලපත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් දේශීය ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ඊට අවසර නොදීමට මහින්ද අමරවීර මහතා තීරණය කළේය.

එම නිසා මේ මහ කන්නය තුළ වගා කර තිබෙන බඩඉරිඟු අක්කර ප්‍රමාණය ලක්ෂයකින් ඉහළ ගොස් ඇති නිසා ලබන වසරේ දී මෙරටට ආනයනය කෙරෙන බඩඉරිඟු ප්‍රමාණය සියයට 50කින් අවම කිරීමට හැකියාව ලැබෙනු ඇත.

අප රටේ බඩඉරිඟු වගාවට විශාල හානියක් කළ හැකිව තිබූ ‘සේනා දළඹු’ වසංගතය මේ වන විට පාලනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි වී ඇති අතර, සේනා දළඹු වසංගතය නිසා බඩඉරිඟු අක්කර දෙදහසකට පමණ හානි සිදු වී ඇතැයි වාර්තා වේ. නමුත් බඩඉරිඟු සමස්ත අස්වැන්න කෙරෙහි ඉන් බලපෑමක් එල්ල නොවන බව තහවුරු වී ඇති අතර, දැනට පවතින යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බඩඉරිඟු අස්වැන්න ඉහළ යා හැකි බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More