පුරවැසි කොලම

වත්මන් ජනපති බලයට පැමිණවීමට දෙමළ බෙදුම්වාදීන් විසින් ලබාදුන් සහාය කෙබඳුදැයි අපි දනිමු. ඡන්ද සංඛ්‍යා ලේඛන අනුව එම ජයග්‍රහණය තීරණය කළේ උතුරු නැගෙනහිර සුළු ජාතීන්ගේ ඡන්ද බව ඉතා පැහැදිලිවේ. ඒ සඳහා බටහිර රටවල්වලින්ද නොමඳ සහායක්‌ ලැබුණු බව අද නොරහසකි. ජනපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ විගස ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, “අප මේ ජයග්‍රහණයේ කොටස්‌කරුවෝ” යෑයි කීවේ එබැවිනි. ඇමරිකාවේ ජෝන් කෙරී ලංකාවේමැතිවරණයක කොටස්‌කාරයෙක්‌ වන්නේ කෙසේදැයි යන්න ඇසිය යුත්තේ කෙරීගෙන්ම පමණි. එයින්ම හිටපු ජනපතිව බලයෙන් පහ කිරීමට බටහිරට සහ දෙමළ ඩයස්‌පෝරාවට තිබූ දැඩි උවමනාව අපට තේරුම් ගත හැක.

එංගලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි බටහිර රටවල දේශපාලනඥයන්ට දෙමළ ඩයස්‌පෝරාව ඉතා දැඩි ලෙස බලපෑම් කරන බව නොරහසකි. ඒ ඔවුන්ගේ ඡන්ද බලය සහ මුදල් බලය මගිනි. ඇමරිකාවේ පසුගිය ජනපතිවරණයේදී උතුරේ සිවාජිලිංගම් පොල් aදාහක්‌ ගැසුවේ හිලරි ක්‌ලින්ටන් බලයට ගෙන ඒමට දෙවියන්ගේ සහාය ගැනීමට ය. දෙමළ ඩයස්‌පෝරාවඇයගේ මැතිවරණ ව්‍යාපාරයට ලබාදුන් ඩොලර් මිලියන ගණනක විස්‌තර ඒ කාලයේදීම හෙළිදරව් විණ. හිලරි ක්‌ලින්ටන් ඇමරිකා ජනපතිවරණයෙන් පරාජය වූයේ දෙමළ බෙදුම්වාදීන්ගේ අවාසනාවකටත් වඩා මේ ධර්මද්වීපයේ පිනටය. එදා ට්‍රම්ප් පරාජය වූවානම් අද උතුරේ ඊළාම් රජය පිහිටුවා හමාරය. දෙවියන්ගේ සහාය ඉල්ලා පොල් ගැසූ සිවාජිලිංගම් නඩය අද දෙවියන්ට ශාප කරන්නේ එබැවිනි.

දෙමළ බෙදුම්වාදීන් සහ බටහිර තම සහාය ලබාදුන්නේ නිකම්ම නොවේ. ඔවුන් එසේ කළේ උතුරේ පෙඩරල් හෝ ඊට එහා ගිය බලතල ලබා ගැනීමේ පොරොන්දුව මතය. ලංකාවේ බහුතර ජනතාවට කිසිසේත්ම අවශ්‍ය නොවන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් වර්තමාන රජය මේ කරන්නට යන්නේ දෙමළ බෙදුම්වාදීන්ට එකී පොරොන්දුව ඉටු කිරීමය. රජය එම පොරොන්දුව ඕනෑවටත් වඩා හොඳින් ඉෂ්ට කරන බව අපට සක්‌සුදක්‌ සේ දැන් පැහැදිලිය. ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ අනුකමිටු රන් ප්‍රධානම අනු කමිටුව වන්නේ “මධ්‍ය පර්යන්ත සබඳතා” අනුකමිටුවයි. රට පෙඩරල් වනවාද නැද්ද යන්න තීරණය කරන්නේ එම කමිටු නිර්දේශ බැවිනි. මධ්‍යම රජයට වැඩි බලතල ලැබේ නම් රටේ ඒකීය භාවය රැකෙන අතර පළාත් සභාවලට ස්‌වාධීනව ක්‍රියා කිරීම සඳහා වැඩි බලතල ලැබේ නම් රට පෙඩරල්වේ. රජය එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කළේ කවුද? රට බෙදීමට තැත් කළ ප්ලොට්‌ ත්‍රස්‌ත සංවිධානයේ හිටපු සාමාජික කොටි ත්‍රස්‌ත සංවිධානයේ දේශපාලන හස්‌තය වන ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථින්ය. ඔහු තමාගේ නිර්දේශ අඩංගු වාර්තාව ආරම්භ කරන්නේ “ලංකාවේ ඒකීය භාවය පළාත් සභාවල කාර්යක්‍ෂමතාවට තිබෙන බරපතළ බාධාවකි” යන්නෙනි. ඔහුගේ නිර්දේශ සියල්ල එසේනම් රට ඒකීය බවට පත්කරන ඒවාද එසේ නැතහොත් පෙඩරල් බවට පත්කරන ඒවාද යන්න ඕනෑම කුඩා ළමයෙකුට වුවද තේරුම් යන දෙයකි.

රජය දෙමළ බෙදුම්වාදීන්ට තම පොරොන්දුව ඉටුකිරීමට ගත් ප්‍රධානම පියවර නම් මෙම ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ ප්‍රධාන නියමුවන් හැටියට අප දන්නා කාලයේ සිට රට බෙදීමේ දුෂ්ට ක්‍රියාවලියට මුළුමනින්ම සම්මාදම් වුණු දෙදෙනෙක්‌ පත් කිරීමයි. එනම් එදා රට පෙඩරල් කරන “චන්ද්‍රිකා පැකේජය” හි නිර්මාතෘවරයා වන ජයම්පති වික්‍රමරත්න සහ උතුර බෙදා වෙන් කිරීමට වසර 30 ක්‌ තිස්‌සේ යුද්ධ කළ, පෙර සඳහන් කළ පරිදි කොටි සංවිධානයේ දේශපාලන හස්‌තය වන ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන්ය. රජයේ පාලකයෝ මෙම පත්වීම් සිදුකිරීම තුළින් රටේ “ඒකීය භාවය” සුරැකීමට කෙතරම් නම් ප්‍රයත්නයක්‌ ගෙන ඇත්දැයි ඒයින්ම අපට අවබෝධ නොවන්නේද?

පසුගිය දිනෙක සුමන්තිරන් උතුරට ගොස්‌ තම ඡන්ද දායකයින්ට පැවැසුවේ කුමක්‌ද? “අප මෙවර ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පෙඩරල්වලට එහා ගිය බලතල සියල්ල ලබා දෙනවා, එතෙක්‌ ඉවසන්න” යනුවෙනි. ව්‍යවස්‌ථා සංශෝධනයේ ප්‍රධානම භූමිකාව රඟපාන සුමන්දිරන්ගේ එම ප්‍රකාශය සාවද්‍යනම් රජය වහාම ඊට ප්‍රතිචාර දැක්‌විය යුතුයි. රජයේ කිසිම අමාත්‍යවරයෙක්‌ එය මෙතෙක්‌ ප්‍රතික්‍ෂේප කර නැතිනම් ඔහු පවසන්නේ සත්‍යයක්‌ද? එසේනම් ජනතාවට පෙන්වූ ව්‍යවස්‌ථා කෙටුම්පතට අමතරවූ පෙර පනත්වලට කළාක්‌ මෙන් තවත් කෙටුම්පතක්‌ සකස්‌වී ඇත්ද?

රට බෙදන මෙම ව්‍යවස්‌ථා සශෝධනයකට වර්තමාන රජයට ජනතා වරමක්‌ද නැත.එ ජාප මැතිවරණ ප්‍රකාශනයේ එවැන්නක්‌ සඳහන් නොවිණ. කරුණු කෙසේ වෙතත් තරග කළ කිසිම ප්‍රධාන පක්‍ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ නොලැබිණ. එජාපය ජාතික ආණ්‌ඩුවක්‌ සාදා ගන්නේ සන්ධානයේ මන්ත්‍රීන් අඩක්‌ බාගෙනය. ඉතිරි මන්ත්‍රී 51 ක්‌ ඒකාබද්ධවිපක්‍ෂය නියෝජනයධ කරයි. නමුත් රජය විපක්‍ෂ නායක තනතුර දී ඇත්තේ ආසන 16 ක්‌ පමණක්‌ ඇති ද්‍රවිඩ සන්ධානයටයි. මෙම විපක්‍ෂය අයවැය ඇතුළුව රජය කරන්නාවූ සියලු දේට පක්‍ෂ විපක්‍ෂයකි. එය ලෝකයේ කුමන පාර්ලිමේන්තුවක හෝ සිදුනොවන දෙයකි.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව විපක්‍ෂය විය යුත්තේ තිබෙන ආණ්‌ඩුව විසුරුවා හැරියහොත් නව රජයක්‌ බිහි කිරීමට ශක්‌තිය ඇති පක්‍ෂයයි. ද්‍රවිඩ සන්ධානයට එම ශක්‌තිය තිබේද? විපක්‍ෂ නායක ධුරයට ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධන් පත් කිරීම තුළින්ම මේ රජය දෙමළ බෙදුම්වාදීන් ඉදිරියේ දණින් වැටී ඔවුන්ට දී ඇති පොරොන්දුව නිසියාකාර ඉෂ්ට කර ඇති අන්දම අපට පෙනේ. සම්බන්ධන් නායකත්වය දරන ද්‍රවිඩ සන්ධානය වඩුක්‌කොඩෙයි සම්මුතියේ පාර්ශ්වයන් වේ. එම සම්මුතියෙහි සඳහන් වන්නේ කෙසේ හෝ ඊළාම් රාජ්‍යයක්‌ බිහිකර ගන්නා බවයි. එසේනම් රජය ලංකාවේ හතරවැනි පුරවැසියා බවට පත්කොට ඒ ගෞරවය ලබාදී ඇත්තේ එවන් පක්‍ෂයක නායකයාටය. රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවුරුම් දීමට ප්‍රථම අඩු තරමේ වඩුක්‌කොඩෙයි සම්මුතිය ප්‍රතික්‍ෂේප කරන ලෙස හෝ විපක්‍ෂ නායකට බල කිරීමට වර්තමාන පාලකයෝ බිය වූයේ එම නිවටකම නිසා නොවේද?

වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ලක්‍ෂ ගණනින් දිවි පුදා රැකගත් රටේ ඒකීය භාවය, රට ගැන කිසිදු හැඟීමක්‌ නැති පාලකයින් සමූහයකට බලයට පැමිණීමට දුන් පොරොන්දුවක්‌ මුවාවෙන් විනාශ කරදීමට අප කිසිසේත්ම ඉඩ නොදෙමු. අද මේ රටේ පෙර සඳහන් කළ පරිදි විශේෂයෙන් උතුර පෙඩරල්/සන්ධීය කිරීමට මූලිකව කටයුතු කරන්නේ ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන්ය. රණවිරුවන් විසින් කළා යෑයි චෝදනා කරන යුද අපරාධ විභාග කිරීමට විදේශීය විනිසුරුකරුවන් ඇතුළු දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාව තීරණය කරන්නේද සුමන්දිරන්ය. දෙමුහුන් අධිකරණයට ඉඩ නොදෙමැයි ජනපති පවසන විට සුමන්දිරන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ එය සිංගප්පූරුවේදී රජයේ නියෝජිතයා, ඇමරිකාවේ නියෝජිතයා සහ ඔහුත් එකතුවී ගත් තීරණයක්‌ බැවින් එය කිසිසේත් වෙනස්‌ නොකරන බවයි. එසේනම් මේ රජය ත්‍රස්‌තවාදය නිම කළ රණවිරුවාගේ අනාගතය තීරණය කිරීමට භාරදී ඇත්තේ එම ත්‍රස්‌තවාදී සංවිධානයේ දේශපාලන හස්‌තයට නොවේද? රටක යුද්ධයක්‌ නිම කළ රණවිරුවාව පරාජය වූ සතුරාගේ අනුකම්පාවට භාජනය කළ එකම රට අපේ රටයි. තම හමුදාවන් යුද අපරාධ කළා යෑයි පිළිගෙන තම රට එරෙහිව ඉදිරිපත් කරන ලද ජිනීවා යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දැක්‌වූ එකම රටද අපේ රටයි. මෙය හාස්‍ය ජනක දෙයක්‌ද, පිළිකුල් සහගත දෙයක්‌ද යන්න තීරණය කිරීම ඔබට භාර කරමි.

යාපනයේ නාග විහාරාධිපති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පසුගියදා නගර සභා පිටියේ පැවැත්වීමට කටයුතු කරන විට එය වළකා ලීම සඳහා අධිකරණ නියෝගයක්‌ ලබා ගැනීමට ද්‍රවිඩ සන්ධානයේ ශ්‍රීධරන් සහ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් වන ආනන්දි සසිදරන්, සිවාජිලිංගම් යන කණ්‌ඩායම සහ හින්දු සංස්‌කෘතික කවුන්සලය නඩුවක්‌ ගොනු කළ ආකාරය අප දුටිමු. මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ශාන්තා අභිමානසිංහම්ය. ආනන්දි සසිදරන් යනු කොටි දරුණු ත්‍රස්‌තවාදියෙකු වූ එලිලලන්ගේ බිරිඳයි. සිවාජිලිංගම් යනු ප්‍රභාකරන්ගේ මස්‌සිනාය. මොවුන් දෙදෙනාම වේතනය ගන්නේ රජයෙනි. රජයට බදු ගෙවන්නන්ගෙන් බහුතරය සිංහලයන්ය.

ශාන්තා අභිමානසිංහම් යනු ජිනීවා 30/1 යෝජනා ප්‍රකාරව මෙරට ඇති කරන ලද සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බළකායේ රජය විසින් පත්කරන ලද එක්‌ සාමාජිකාවකි. මොවුන් සියල්ලන්ටම සිංහල අප විසින් මතක්‌ කරදිය යුතුව ඇති එක්‌ දෙයක්‌ ඇත. එනම් ත්‍රස්‌තවාදී සමයේ කොටි විසින් ගෝනගල බඩදරු අම්මලාගේ කුස පලා බිලි¹ එළියට ගෙන මාළු කපන්නා සේ කපා දමන දිනවලදී ද, ශ්‍රී දළදා මාළිගය කුඩු කිරීමට බෝම්බ ගසන විටදීද, ශ්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසිකාවන් 200 ක්‌ අමු අමුවේ මරා දමන විටදීද, කොළඹ වීදි දිගේ දෙමළ හින්දු වේල් කරත්තය නිරුපද්‍රිතව ගමන් කළ වගයි. ඒයින් ප්‍රදර්ශනය වන්නේ සිංහල බෞද්ධයාගේ නිවට නියාළු බව නොව ඔවුන් තුළ අන් ආගම්වලට තිබෙන්නාවූ දැඩි ගෞරවයයි. එවන් වූ සිංහලයන් වෙසෙන ශ්‍රී ලංකාව තුළ යාපනයේ විසූ බුද්ධ පුත්‍රයෙකු වූ නාග විහාරයේ විහාරාධිපති වහන්සේගේ ආදාහනයේදී නිකුත් වන දුම් පළාත් සෞඛ්‍යයට හානිකර හෙයින් එය වළක්‌වාලීමට නඩුවක්‌ පවරන අභිමානසිංහම් වන් ගැහැනියක්‌ සංහිඳියාව උදෙසා වන බළකායකට පත් කිරීම සම්බන්ධව ඇත්තෙන්ම රජයේ පාලකයෝ විළියෙන් ඇඹිරිය යුතුය. ශාන්තා අභිමානසිංහම් වැන්නන් ත්‍රස්‌තවාදී යුද සමයේ නිහඬව සිටියේ කොටි ත්‍රස්‌තයන් විසින් යාපනයේ ජනතාවට සිදුකළ සියලුම දේ ඔවුන්ගේ සෞඛ්‍යයට හිතකර වූ නිසා විය යුතුය.

උතුරේ බුදුපිළිම ඉවත් කළ යුතු යෑයි කිළිනොච්චියේ පෙළපාලි යන උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන්ගෙන්ද උක්‌ත නඩුව ගොනු කිරීමට අවශ්‍ය උපදෙස්‌ සහාය ලැබුණාට කිසිදු සැකයක්‌ නැත. ලංකාව වැනි ලොවම පිළිගත් බෞද්ධ රටක, බෞද්ධයන් සම`ග වෙසෙමින් උතුරින් සිංහලයන් පළවා හැර දැනට වැඩ සිටින බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සහ බුදු සසුනට මේ අයුරින් දෙමළ දේශපාලනඥයන් සලකන විටත් රජය ඒ සම්බන්ධයෙන් නිසි නීතිමය පියවර නොගන්නේ නම් නියම සිංහල බෞද්ධයන් නුදුරු අනාගතයේදී නීතිය අතට ගැනීම වැළැක්‌විය නොහේ.

ශාන්තා අභිමානසිංහම් සාමාජිකත්වය දැරූ, උක්‌ත සඳහන් කළ සංහිඳියාව උදෙසා, ජිනීවා යෝජනාව අනුව, පත්කළ කාර්ය සාධක බළකායේ ප්‍රධාන නිර්දේශ වූයේ කවරෙක්‌ද? ත්‍රස්‌තයින් සැමරීමට ඉඩදීම, යුද අපරාධ විභාග කිරීමට දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීම, මියගිය ත්‍රස්‌තයින්ටද වන්දි ගෙවීම, රටේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම, රට අනාගමික රාජ්‍යයක්‌ බවට පත් කිරීම, උතුරේ හමුදාව ඉවත් කිරීම යනාදියයි. පාක්‍යසෝති සරවනමුත්තු වැනි දෙමළ බෙදුම්වාදීන් මෙන්ම ගාමිණී වියන්ගොඩ වැනි සිංහල බෙදුම්වාදීන්ද ඇතුළු 11 දෙනෙකුගෙන් සමන්විත කොමිටියක්‌ ඉදිරිපත් කළ එම නිර්දේශ අඩංගු වාර්තාවට ප්‍රථමයෙන් සුභ පැතුවේ දෙමළ ඩයස්‌පෝරාවයි. බෙඳුම්වාදී දෙමළ ඩයස්‌පෝරාව අමන්දානන්දයට පත්කළ එම වාර්තාවෙන්ම රජයේ ක්‍රියා පටිපාටිය අප තේරුම් ගත යුතුය. බෞද්ධ රටේ බුද්ධ පුත්‍රයෙක්‌ට අවසන් ගෞරවය දක්‌වන මොහොතක ඊට අගෞරවය කළ අභිමාන සිංහම්වන් ජාතිවාදී නින්දිත අයට සහ ඔවුන්ට එරෙහිව ක්‍රියා නොකළ පාලකයන්ට කවදා හෝ දිනක ඊට වන්දි ගෙවීමට සිදුවන බැව්ද මතක තබා ගත යුතුවේ.

චාවකච්ෙච්රියේ කොඩිකාවම් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ නාවන්කුලි ගම්මානයේ (සිංහල පවුල් 48 ක්‌ පමණි) සිංහලාරාම පන්සලේ අභිනවයෙන් චෛත්‍යයක්‌ ඉදිකිරීමට විරුද්ධව එම ප්‍රා.ලේ. ඇතුළු කණ්‌ඩායම පන්සලේ නායක හිමිට විරුද්ධව නඩුවක්‌ ගොනු කළ විට එය විභාග කරනු ලැබුවේ චාවකච්ෙච්රි උසාවියේ දෙමළ ජාතික කාන්තා මහෙස්‌ත්‍රාත්තුමියක විසිනි. ඇය හින්දු ජාතිකයෙකු වුවද එදින උසාවියේ එම ස්‌වාමීන් වහන්සේට නිසි ලෙස අසුන් පණවා, ගිලන් පසද පිළිගන්වා රටේ ව්‍යවස්‌ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව චෛත්‍යය සෑදීමට වහාම අවසර ලබාදෙන ලෙස ප්‍රා.ලේට නියෝග කළාය. නියම සංහිඳියාව යනු එයම නොවේද? එම පුවතින් අප සිත් කොතෙක්‌ දුරට සංවේදී වූවාද? එම හින්දු ජාතික මහෙස්‌ත්‍රාත්වරියට අපගේ ආදරය, ගෞරවය කොතෙක්‌ වැඩි වූවාද? නමුත් මේ වසරේ ජනවාරි 1 දා සිට ඇය එම ස්‌ථානයෙන් වහාම මාරු කර ඇති බව දන්නේ කී දෙනාද? දැන් එම චෛත්‍යය සෑදීමේ කාර්යයට නැවත බාධා එල්ල වෙමින් පවතී. දකින දකින සෑම තැනකම, දිනෙන් දින කෝවිල්, පල්ලි හැදෙන විට නිශ්ශබ්දව තමන්ගේ පාඩුවේ සිටින සිංහලයන් ඔවුන්ගේ ආගමට කරන්නාවූ මෙම කෙනෙහිලිකම් තව කොතෙක්‌ දුරට ඉවසා සිටීදැයි සැක සහිතය. ආණ්‌ඩුව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියා නොගන්නේ නම් ඉදිරියේ යම් සිද්ධියක්‌ ඇතිවුවහොත් එයට වගකිවයුත්තේ ආණ්‌ඩුවම බව පාලකයින් දැනගත යුතුවේ.

හම්බන්තොට වරාය චීනයට පවරාගත් විගස රටේ ජාතික කොඩියට සිදු වූ දේ අප දුටුවෙමු. අද අපේ රටේ සහ ජාතියේ අභිමානයට කුමක්‌ සිදුවීද? ජනතාව තම ඡන්දය පාවිච්චි කොට පාලකයින් පත්කරන්නේ රටේ අභිමානය, ආත්ම ගෞරවය උන්ගේ බලය පවත්වා ගැනීම සඳහා පාවාදීමට නොවේ.

සාම්පූර්හි ඇති පැරැණි දාගැබක්‌ ඩෝසර් යන්ත්‍ර යොදා බිමට සමතලා කළ අන්දම අප නැරඹුවේ දැඩි සංවේගයෙනි. ඓතිහාසික නටබුන් යනු අපේ උරුමයයි. අපේ අනන්‍යතාව එයයි. ඒවා විනාශ කිරීම යනු ජාතියක්‌ විනාශ කිරීමයි. එබැවින් අදාළ පුද්ගලයින්ටට උපරිම දඬුවම් දිය යුතුවේ. නමුත් රජය අද වන තුරු එම ක්‍රියාව හෙළා දුටුවේ නැත.

උතුරේ සහ නැගෙනහිර දැන් සිදුවන්නේ සැලසුම් සහගත ලෙස සිංහලයන්ට, බුද්ධ පුත්‍රයන්ට, බුදු සසුනට අපහාස කිරීමයි. මොවුන් කිසිම බියක්‌ සැකක්‌ නැතිව එසේ කරන්නේ වර්තමාන නිවට පාලකයින් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක්‌ නොගන්නා බව හොඳ හැටි දන්නා නිසාය. නමුත් එම අදාළ පුද්ගලයන් දැනගත යුතු එක්‌ දෙයක්‌ ඇත. එනම් පාලකයින් නිවට වුවත් සමස්‌තයක්‌ වශයෙන් ගත් කල සිංහලයන් නිවට නොවන බවය. එළාරට, කාලිංග මාඝ මෙන්ම පරංගින්ට, ලන්දේසීන්ට, ඉංගී්‍රසින්ට පවා එළව එළවා පහරදුන් සිංහලයන්ගෙන් පැවතෙන්නන් අදටත් මේ සමාජයේ සිටින බැව් වර්තමාන පාලකයින්ද ඇතුළුව සියලුම දෙමළ, සිංහල බෙදුම්වාදීන් දැනගත යුතුව ඇත. එබැවින් සියල්ලන්ගේම යහපත සඳහා තවදුරටත් දෙමළ බෙදුම්වාදීන් ඉදිරියේ නිවට දණින් වැටෙන්නේ නැතිව, උතුරේ සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථානවලට, සිංහලයන්ට කරන්නා වූ කෙනෙහිලිකම් වහාම නවතා දැමීමට පියවර ගන්නා මෙන් අප වර්තමාන පාලකයන්ට දැනුම් දෙමු.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More