19වැනි සංශෝධනය යම් දුර්වලතා ඇත්නම් ඊට අදාළ සංශෝධන පාර්ලිමේන්තුව තුළින් සිදු කිරීමට කැපවන බවට ජනාධිපතිතුමා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව lanka lead news ජාතික සංවිධානවල මතය විමසනු ලැබීය.
ඊට පිළිතුරු දුන් සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ 19ට ටින්කරින් කරලා අලුත්වැඩියා කරන්න රටේ ජනතාවට කිසිම උවමනාවක් නැති බවය.
රනිල් වික්‍රමසිංහ අගමැති අතට විධායක බලය හිමි වීමේ අරමුණ ඇතිව ගෙන එනු ලැබූ 19 අඩුපාඩු හදලා දෙන්න මෛත්‍රී ජනපති ඉදිරිපත් වන්නේ මොන කෙහෙල් මලකටදැයි ඒ මහතා ප්‍රශ්න කළේය.
තවදුරටත් ඔහු සඳහන් කළේ 19ට ශෝධන ගෙනාවොත් බෙදුම්වාදීන් ඒ අස්සෙන් තමාට උවමනා සංශෝධන ටිකක් ඇතුළු කරගන්නා බවය. ඒ පාපයට කර නොගහන ලෙසද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...