දේශීය පුවත්

ඉකුත් දිනවල දී පාර්ලිමේන්තුවේ සිදු වූ නොසන්සුන්කාරී අවස්ථාවන්හි කතානායකවරයා, වේත්‍රධාරි හා පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඉදිරි රජයක් යටතේ කොමිසමක් පත්කරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

එහිදී වැරදිකරුවන් වන සියලුම දෙනාට එරෙහිව සුදුසු පියවර ගන්නා බවද මන්ත්‍රීවරයා කීය. පාර්ලිමේන්තුවේ ඉකුත්දා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී කතානායකවරයා, වේත්‍රධාරී හා පාර්ලිමේන්තු මහලේකම්වරයා සම්ප්‍රදායට පටහැනිව ක්‍රියා කළ බවත් සෙංකෝලයට නිසි ගෞරවය ලබා දීමට ඔවුන්ට අපහසු වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්යෙන් වගකීමට මෙම පිරිසට සිදුවනු ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.

නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More