දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය පිටපිටම හතරවන දිනටත් අද (07) සිදු කිරීමට නියමිතය. ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

අද දිනයේ මෙම නඩුවේ තීන්දුව ලබා දෙනු ඇතැයි ඇතැම් පිරිස් විශ්වාසය පළ කරන අතර පාර්ශවකරුවන් විසින් තවදුරටත් කරුණු දැක්වීම් සිදු කෙරෙන බැවින් අද දිනයේද නඩුවේ තීන්දුව ලබා දීම සිදු නොවනු ඇති බවට තවත් පාර්ශවයක් විසින් අදහස් දක්වා සිටියි.

මෙම නඩුව ඊයේ (06) කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින්, මීට පෙර නිකුත් කළ අතුරු තහනම් නියෝගයද හෙට දිනය දක්වා දීර්ඝ කෙරුණා. ඒ සමග අදාළ ගැසට් නිවේදනයට අනුව කටයුතු කිරීම වළක්වාලමින් මැතිවරණ කොමිෂන් සභාවට නිකුත් කෙරුණු අතුරු තහනමද හෙට දිනය දක්වා දීර්ඝ කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව ආරම්භ කළ පසු ප්‍රථමයෙන්ම පෙත්සම්කාර පාර්ශවයන් කරුණු දැක්වීම සිදු කළේය. පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ඔවුන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය. පසුව කරුණු දැක්වූ නීතිපතිවරයා පැවසුවේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය තිබෙන බවය. අදාළ ගැසට් නිවේදනය මගින් ජනතාවට පරමාධිපත්‍ය බලය කි‍්‍රයාත්මක කිරීම සඳහා ඡන්දයක් ලැබී ඇතැයිද නීතිපතිවරයා පෙන්වා දුන්නේය. නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී සිදු කෙරුණේ මැදිහත්කාර පාර්ශවයන්ගේ කරුණු දැක්වීමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More