දේශීය පුවත්

‘මහජනයාගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට, විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට උවමණාව සහ ධෛර්යය පහළ වේවා’ යනුවෙන් ජාතික සංවිධාන එකමුතුව සහ දේශප්‍රේමී බොදු පදනම එක්ව සංවිධානය කළ අධිෂ්ඨාන පූජාවක් අද (06) සවස කැළණිය රාජ මහා විහාරයේදී පැවැත්විණි.

මහා සංඝරත්නය ජාතික සංවිධාන නියෝජිතයන් ඇතුළු දේශමාමක දෑ හිතකාමීන්ගේ ගෞරවනීය සහභාගිත්වයෙන් සිදු කෙරුණු මෙම අධිෂ්ඨාන පූජාව අවසානයේ අධිෂ්ඨානයක්ද කියවනු ලැබීය.

එම අධිෂ්ඨානය පහතින් – කැලණිය අධිෂ්ඨාන පූජාව සඳහා අධිෂ්ඨානය

01 ජනතා පරමාධිපත්‍ය මූලයේ මූලික අංගය වන ඡන්ද අයිතිය දිවිහිමියෙන් ආරක්ෂා කරගත යුතු බවට සෑම රටවැසියන්ගේ සිත් තුළ උවමනාව සහ ධෛර්යය පහළ වේවා!

02 ජනතා පරමාධිපත්‍යයයේ බලයට යටත්ව පිහිටුවා ඇති විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත‍්‍රිත්වයෙන් සියලූ ප‍්‍රධානීන්ට ජනතා පරමාධිපත්‍යයේ මූලික අංගය වන ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම තමාගේ පරම වගකීම යන යුතුකම බව අවබෝධ වෙත්වා .ඔවුන්ගේ සිත් තුළ එ් සඳහා වුවමනාව සහ ධෛර්යය උපදීවා!

03 එසේම ජනතා පරමාධිපත්‍ය යටපත් කිරීම සඳහා අයුතු බලපෑම් කරන තානාපති නිලධාරීන්ගේ රාජ්‍ය නොවන සංවිධාන වල එ්ජන්තයින්ගේ සහ විවිධ ජාතිවාදී, බෙදුම්වාදී, කල්ලි කණ්ඩායම්වල බලපෑම්වලට යටත් නොවී සිටීමට විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන වල සියළු ප‍්‍රධානීන්ගේ සිත් තුළ උවමනාව සහ ධෛර්යය පහළ වේවා.

04. ත‍්‍රිවිධ රත්නයේේ ආශිර්වාදයෙන් දළදා වහන්සේගේ ආනුභාවයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන් මෙම අධිෂ්ඨානය ඵල දැරේවා! ඵල දැරේවා! ඵල දැරේවා!
සාදු! සාදු! සාදු!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More