පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව හෙට (07දා) දක්වා ක්‍රියාත්මක වූ අතුරු තහනම 8 දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.
ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් විභාගය තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම හේතුවෙන් මෙසේ අතුරු තහනම දිගු කරනු ලැබීය. අඛණ්ඩව පසුගිය 04 දා සිට පෙත්සම් විභාගය පැවැත්වුණ අතර එය හෙට දිනයේත් සිදුකිරිමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...