දේශීය පුවත්

ගාලු කොටුවේ ගොඩනැගිලි සියයට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශීකයින් විසින් මිලට ගෙන ඇති බවත් මෙයට පෙර තුන් දහසකට ආසන්න ජනගහණයක් සිටි කොටුවේ ජනගහණය ද එක් දහස් පන්සියකටත් වඩා අඩුවී ඇති බවත් ගාලු උරුමය පදනම පවසයි.

තැරැව්කරුවන්ගේ මැදිහත්වීම නිසා කොටුවේ පර්චසයක් මේ වනවිට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන බවද නඩු තිබෙන ගොඩනැගිලි ද තැරැව්කරුවන් විසින් විදේශිකයින්ට රවටා විකිණිම නිසා ඒවා මිලට ගෙන ඇති විදේශිකයින් ගැටලු රැසකට මුහුණ තිබේ. ඒ හේතුව නිසා ආයෝජකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවද ගාලු උරුමය පදනමේ නිලධාරියකු පැවසීය.

එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ රජයේ ආයතන පවත්වා ගෙන යන ගොඩනැගිලි 37 ඇතුළු ගොඩනැගිලි හාරසිය පනහක් පමණ කොටුවේ තිබෙන අතර ඒවායින් සියයකට අධික ප්‍රමාණයක් මේ වනවිට මෙසේ විදේශිකයින් විසින් මිලට ගෙන සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බවයි.

නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැරණි ගොඩනැගිලි විනාශ කරන ලද අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන අතර මේ වන විටද එවැනි නඩු කිහිපයක් පවරා තිබේ. මෙම ගොඩනැගිලි ලන්දේසි සහ ඉංග්‍රිසි යුග වලට අයත් පුරා විද්‍යාත්මක වටිනා කමින් යුත් ඒවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More