ප‍්‍රධාන පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරනවා යැයි පැවැසෙන, විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුවහොත්, එය තුනෙන් දෙකක බහුතර පාර්ලිමේන්තු ඡන්දයකින් අන්ත පරාජයකට පත්කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
විශ්වාසභංග යෝජනාවට මුහුණ දීමට ජාතික රජය ඕනෑම අවස්ථාවක සූදානමින් සිටින්නේ යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
ඒකාබද්ධ විපක්ෂයෙන් එවැනි විශ්වාසභංග යෝජනාවක් භාරදුනහොත්, හැකි විගසම එය විවාදයට ගෙන ඡන්ද විමසීමට ලක් කරන බවත්, විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයෙන් පරාජයට පත්කිරීම කිසිදු අභියෝගයක් නොවන බවත්, ඇමතිවරයා පෙන්වා දුන්නේය.

රනිල්ට විශ්වාසභංගයක්
‍ෙමහ බැංකුවේ සිදුවී ඇති බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ සඳහන් කර ඇති නිර්දේශයන්ට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ වග උත්තරකරුවකු වී ඇති බැවින් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විපක්ෂ කණ්ඩායම සූදානම් වෙමින් සිටිති.

මේ සම්බන්ධයෙන් මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ හා ආණ්ඩුවේ ශ්‍රීලනිප ප්‍රබලයන් අතර රහසේ සාකච්ඡා පැවැත්වෙන බවද දැන ගන්නට ඇත. පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු මෙම දෝෂාභියෝගය කථානායකවරයාට භාර දීමට කටයුතු කරගෙන යමින් සිටින බව විපක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More