දේශීය පුවත්

අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට වාර්තා වේ.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කිරීමත්, රනිල් වික්‍රමසිංහ මහතා එයින් ඉවත් නොවීමත් තුළ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අවස්ථාව අහිමි වී යෑමේ තත්ත්වයක් හටගෙන ඇති බැවින් අගමැති අපේක්ෂකයා තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් අතර දීර්ඝ සාකච්ඡා ආරම්භ වී තිබේ.

මෙම රහස් ඡන්දය සඳහා ඡන්දය ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් මෙන්ම 80දෙනෙක් පමණවන එජාපෙ මන්ත්‍රී කණ්ඩායම විසින් සිදුකළ යුතු බවටද එජාප ප්‍රබලයෝ සිය සාකච්ඡාවලදී එකඟතාවලට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම, මෙම අගමැති නම් කිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම තුළින් එ.ජා.ප නායකත්වය පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාගත හැකි බවට එජාප ප්‍රබලයෝ විශ්වාසය පළ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More