මුහුණු පොතෙන්

සම්බාහනය රෝග සුවපත් කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ එන චිකිත්සාවකි. ඕනෑම දෙයක් තමන්ගේ උවමනාවන්ට අනුව හැඩගසා ගැනීමේ පුදුමාකාර දක්‍ෂතාවන් අපේ රටේ මිනිසුන්ට තිබේ.

ගම්පහ ප‍්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය ලිංගික ශ‍්‍රමික ව්‍යාපාර මධ්‍යස්ථාන 17 ක සිටි පුද්ගලයන් 59 දෙනෙක් අත්අඩංගුවට පත්වන්නේ අපේ අය සතු එම හැකියාව නිසාය. අවුරුදු 19 – 46 වයස් පරතරවල වූ පිරිස අතර කාන්තාවන් 49 ක්ද, පිරිමි 9 ක්ද, කළමනාකරුවෝ 8 දෙනෙක්ද සිට ඇත. ගම්පහ නොව සිරි ලංකාවේ බහුතරයක් සම්බාහන මධ්‍යස්ථානවල කතාව මෙසේය.

සම්බාහන අන්දරය ලංකාවේ පවතින විධිමත් ලිංගික ශ‍්‍රමික සේවාවන්ගෙන් එකකි. මන්දයත් එය සුපිරි ධනපති පන්තියේ සිට තුන්වන පන්තිය දක්වා ඕනෑම අයෙකුට සම්බාහන කඩතුරාවට මුවා වී සම්බාහන සේවාව ලබාගත හැකි වීම නිසාය.

මූලික වශයෙන් රට පුරා බිම්මල් පිපී ඇත්තා සේ තියෙන ආයුර්වේද හා ආයුර්වේද නොවන බොහොමයක් ස්පා වලින් කාන්තා ලිංගික ශ‍්‍රමිකයන්ගේ සේවාව ලබාගත හැකිය. වෙරළාසන්න හා සංචාරක කලාපවල ලිංගික ශ‍්‍රමිකයන්ගේ සේවාව ලබාගත හැකිය. ඉතාමත් රහසිගතව අවුරුදු 12, 14 පවා ගැහැනු පිරිමි ළමා ලිංගික ශ‍්‍රමික ශ‍්‍රමිකාවන්ගේ සේවයද ලබාගත හැකි සම්බාහන මධ්‍යස්ථානද සමලිංගික හා සංක‍්‍රාන්තිය ලිංගික ශ‍්‍රමික ශ‍්‍රමිකාවන්ගේ සේවයද, විරුද්ධ ලිංගික, සම ලිංගික හා සංක‍්‍රාන්තික ලිංගික විදේශීය ලිංගික ශ‍්‍රමික ශ‍්‍රමිකාවන්ගේ සේවයද ලබාගත හැකි ස්පාද ලංකාවේ වර්තමානයේ බිහිව පවතියි.

කාන්තා ලිංගික ශ‍්‍රමිකාවන්ගේ ස්පා අන්දරය සාපේක්‍ෂව අනෙක් පිරිස්වලට වඩා විවිධත්වයක් ගනියි. මන්දයත් එය ඒ තරමටම සංකීර්ණ වී ඇති නිසාය. සමහරක් විටක පළපුරුදු ලිංගික ශ‍්‍රමිකාවන්ගේ සේවය ලබා ගැනීමට හැකි ස්පා ඇති අතර තවත් ස්පාවලින් පැහැරගෙන හෝ රවටාගෙන ආ තරුණියකගේ හෝ දැරියකගේ කන්‍යාභාවය ලක්‍ෂයක් හෝ ඊට වඩා වැඩි මිලට අලෙවි වන ස්පාද ඇත. අර්ධ කාලීනව සහ පූර්ණ කාලීනව ස්පාවල සේවය කරන තරුණියන් මෙන්ම රාත‍්‍රි සමාජ ශාලාවක සේවය කර දහවල් කාලයේ ස්පාවල සේවය කරන තරුණියෝද සිටිති.

බොහෝ ස්පාවල ලිංගික සේවාවන් වන්නේ ස්පා එකෙන් පිටය. ස්පා යනු හුදු හඳුනා ගැනීම් මධ්‍යස්ථානයක් පමණි. සවස හයෙන් පසු MEMBERS ONLY ස්පා නම් රාත‍්‍රියට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලිංගික සේවා මධ්‍යස්ථානය. මේ ක‍්‍රමයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතියට වැලි ගැසීමටත්, ගොනාට ඇන්දවීමටත් ඔවුන්ට හැකිය.

සම්බාහන ආයතනවල නාමයෙන් ලිංගික ශ‍්‍රමික වෘත්තියේ යෙදෙන සමහරු කිසිම ස්පා ආයතනයක පස් පාගන්නේවත් නැත. ඔවුන් කරන්නේ තමා ස්පා ආයතනයක වැඩ කරන බව අන්තර්ජාලය තුළින් සන්නිවේදනය කර ඒ් හරහා ගනුදෙනුකරුවන් සොයා ගැනීමයි. මිලේනියම් පරපුරේ බාලිකාවෝ මේ ක‍්‍රියාවලියේ චක‍්‍රවර්තීහු වෙති. සමහරක් සිය පෙම්වතියගේ බ්‍රෝකර් වැඬේ කරන්නේ පෙම්වතාය. එනම් අන්තර්ජාලයේ සන්නිවේදනය වන්නේ පෙම්වතාගේ දුරකථන අංකය පහළ පන්තියත්, පහළ මධ්‍යම පන්තියත් ඉහළ වයස පන්තියත් මේ කෙරුවාවේ නම් දැරුවෝ සිටිති. මෙකී අන්තර්ජාල ලිංගික ශ‍්‍රමිකා අන්දරයේ තවත් එක් පැතිකඩක් නම් HOME VISIT සේවාවයි. එහි විශේෂත්වය නම් මෙම සේවාව ආශ‍්‍රිතව කපල් හෝ කණ්ඩායම් ලෙස ලිංගික ශ‍්‍රමික පිරිස් ගෙදරටම ගෙන්වා ගත හැකිය. සමහරක් පිරිස HOME VISIT නොවHOTEL VISIT ය. තවත් අය තමන්ට කැමැති නම් HOME VISIT හෝ HOTEL VISIT වශයෙන් ගෙන්වාගත හැකිය.

කාන්තා ලිංගික ශ‍්‍රමිකා විත්තිවලින් පසු අපි දැන් හැරෙන්නේ පුරුෂ ලිංගික විත්ති දෙසටය. කෙතරම් තිිත්ත වුවත් ඇත්ත ඇත්තමය. ලංකාව පුරුෂ ලිංගික සේවයට ලෝකයේ කප් ගැසූ රාජ්‍යයකි. එය ක‍්‍රියාත්මක වන්නේ වෙරළාසන්න BEACH BOYS සංකල්පය තුළ පමණක් නොවේ. සුපිරි නගර හා උප නගරවල CALL VISIT SPA ක‍්‍රමයෙන් ලිංගික ශ‍්‍රමිකයන් වපුරන පිරිස් වර්තමානයේ ඇත. ඛේදවාචකය නම් අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් ගෙවීම සඳහා තරුණ තරුණියන් SPA ආශ‍්‍රිතව ලිංගික ශ‍්‍රම වෘත්තියේ යෙදීමය. අපි කිසිසේත් ලිංගික ශ‍්‍රම වෘත්තිය හෑල්ලූ නොකරන්නෙමු. එහෙත් ඉගෙන ගන්න මුදල් සොයන්නට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙහි යෙදෙන්නට සිදුවෙනවා නම් අපි අත්‍යාවශයෙන්ම මේ රටේ පාලකයන් සම්බන්ධයෙන් පියවරක් ගත යුතුමය. විරුද්ධ ලිංගිකයෝ, ලිංගික ශ‍්‍රමිකයන් ඉලක්ක කර ගන්නේ ඉහළ මධ්‍යම පන්තිය හා සුපිරි ධනපති පන්තියයි. අවිවාහක හෝ විවාහක තරුණියන් කාන්තාවන් සැමියා මියගිය හෝ හැරගිය කාන්තාවන් මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්ක වේ.

ඊළග ඛේදවාචකය නම් ස්පා ආයතනවල බලෙන් හා කැමැත්තෙන් ක‍්‍රියාකරන ළමා ලිංගික ශ‍්‍රමික ශ‍්‍රමිකාවන්ගේ අන්දරයයි. වැලේ ගෙඩි වැලට බර වූවේ කුණු වෙන ආර්ථික සමාජ, දේශපාලන දේහය තුළින් මෙවැනි ගඳ ගහන ඕජස් සහිත ක‍්‍රියා වාර්තාවීම අරුමයක් නොවන්නේය. මේ සංකල්පය ක‍්‍රියාත්මක වන්නේ වෙරළාසන්න පැල්පත් නිවාස ආශ‍්‍රිත දරුවන් තුළය. සාමාන්‍යයෙන් ඔවුන් ස්පා ආයතනවල සේවා කරන්නේ නැත. වෙන්නේ පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන්නට සුදුස්සකු තෝරා ගැනීමට දරුවන්ව ස්පා ආයතනයට ගෙන්වීමය. එමෙන්ම ඒවා තුළ ඔවුන් සිය රාජකාරි කිරීමය. අතීතයේ මෙන් වර්තමානයේ මුහුදු වෙරළේ කරක් ගහන ළමා BEACH BOYS ලා හා BEACH GIRLS ලා සුලභ දසුනක් නොවන්නේ ඒ නිසාය.

පිරිමි හෝ කාන්තා සමලිංගික සේවය අතීතයේ සිටම පැවතියකි. GOLDEN BOYS IN THE SILVER BEACH‍ (රිදී වෙරළේ රත්තරන් කොල්ලෝ* යන සන්නාමය යටතේ ලංකාව ලොව පුරා ජනප‍්‍රිය වී ඇත්තේ පුරුෂ සමලිංගික ලිංගික ශ‍්‍රමිකයන් පිළිබඳවය. ස්පා ආයතන ආශ‍්‍රිතව සිටින මොවුන් ඉලක්ක කරන්නේ විදේශිකයන් වුවත් ස්වදේශිකයන් සමගද සබඳතා පවත්වන අවස්ථා නැත්තේද නොවේ. විදේශික කාන්තාවන් ඉලක්ක කොටගත් කාන්තා සමලිංගික ශ‍්‍රමිකාවන් ගැන කලාතුරකින් වාර්තා වෙයි.

ස්පා ආශ‍්‍රිතව රැකියාව කරන පිරිස අතර ඛේදනීයම කතාවක් ඇත්තේ සංක‍්‍රාන්තීය ලිංගිකයන්ගේය. ඔවුන් ලිංගික ශ‍්‍රමිකයන් වීමට විශේෂ හේතුවක් නැත. ඔවුන් සංක‍්‍රාන්තීය ලිංගිකයන් වීමම ඊට හේතුවයි. කෙසේ වෙතත් සංක‍්‍රාන්තීය ලිංගියන් වැඩියෙන්ම දූෂණයට, අපචාරයට හා සමූහ දූෂණයට ලක්වන පිරිසය. SPA ආශ‍්‍රිතව පවා ඔවුන් පරපීඩා කාමුකයන්ගේ දරුණු ලිංගික පීඩාවලට ලක්වෙන පිරිසය.

මේ ස්පා කර්මාන්තයේ පැවසිය යුතුම කතාවක් ඇත. ඒ සිය කැමැත්තෙන්ම ලිංගික වෘත්තියේ යෙදෙන පාසල් ළමයි ගැනය. ශ‍්‍රමා ආශක්ත කාමුකයන්ගේ ගොදුරු බවට පත්වන්නේ ඔවුන්ය. වර්තමාන මිලේනියම් පරපුරට කිසිවක් අදාළ නැත. ඔවුන්ට සමාජ හර පද්ධතීන්ට වඩා මුදල වැදගත්ය.

පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය නොව ඉන්දියන් සාගරයේ අමුතු ඇටය බව කියන්නට හොඳම නිිදසුනක් නම් වර්තමානයේ ලංකාවේ SPA වල විදේශීය කතුන්ගේ සේවය පවා ලබා ගැනීමට හැකියාව ඇති තැනක් වීමය. රුසියානු, පිලිපීන, කොරියන්, චීන, තායිලන්ත හා ජපන් ජාතික ලිංගික ශ‍්‍රමිකාවන් ලංකාවේ ස්පා ආයතනවල සේවය කරයි. ඔවුන්ගේ සේවයට බ්රේක් නැතුව පල්ලම් බහින රුපියල මදිය. රුපියල් වානා ඩොලර් ඕනාය.

ලංකාවේ ආයුර්වේද සම්බාහනය යනු තුන්දොස් උවදුරු සමනය ආයුබොහෝ කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ඒ ලිංගික ශ‍්‍රමික වෘත්තිය කෙසේ වෙතත් ආයුර්වේද කඩතුරාව පිටුපස ම`ගුලක් නැටීමට ඉඩදිය නොහැකිය. මන්ද යත් චීනයේ නිල කටු චිකිත්සාව මෙන් අපේ ආයුර්වේද සම්බාහනය නිල තෙරපීම් ක‍්‍රමයකි. එය රෙදි උනා ඩොලර් උපයනවාට වඩා ගෞරවනීය ලෙස ඩොලර් උපයන්නටත් නිරෝගිමත් ජාතියක් ලෙස ජීවත් වීමටත් හොඳ මගකි.

මධුෂානි කොඩිතුවක්කු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More