දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි තංගල්ල නගර සභාවේ 2019 සදහා වූ අයවැය අද (05) දින වැඩි ඡන්ද 03න් පරාජයට පත් වූහ.

තංගල්ල නගර සභාවේ සභාපති රවිදු වෙදආරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසරේ ආදායම් හා වියදම් ඇස්තමේන්තු ගත අය වැය මෙලෙස පරාජයට පත් වූයේය.

අද පෙරවරු 10 ට තංගල්ල නගර සභාවේ අයවැය සම්මත කර ගැනීම සදහා පවත්වන ලද රැස්වීමේදී අයවැය සම්බන්ධව නාගරික මන්ත්‍රී වරන් අදහස් දැක් වූ අතර අනතුරුව ඡන්ද විමසීම පැවැත් වූවේය. අයවැයට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරන් 07 දෙනා ඡන්දය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රී වරුන් 06 ත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රී වරයාත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වරු 02 ත් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රී අරලිය එරන්දිම සිල්වා ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

අයවැය ඉදිරිපත් කරමින් සභාපති රවිදු වෙදආරච්චි පවසා සිටියේ සියළු දෙනාගේම අදහස් පිළබදව අවධානය යොමුකොට අය වැය ලේඛණය ඇදූ බවත් තමන් ගේ මංගල අයවැයට සහයෝගය ලබා දෙන ලෙසත්ය.

අයවැය ලේඛණයේ යම් අඩුපාඩු ඇත්නම් ඒවා සැලකිල්ලට ගෙන සංශෝධනය කිරීමට බාධාවක් නැති බවද සභාපතිවරයා පැවසීය.

එමෙන්ම අයවැය පැරදුනද සභාපතිවරයාට අයවැය ලේඛණය ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාවෙන් බලය හිමිවෙන බවද සභාපතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More