දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේත්, ඇමති මණ්ඩලය එම ධුරවලත් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර ඇති නමුත් අගමැති හෝ ඇමති තනතුරුවල පුරප්පාඩුවක් වී නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“පසුගිය 03දා අභියාචනාධිකරණය අපූරු නියෝගයක් ලබා දුන්නා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු ගොනු කර තිබුණු ‘කොවොරොන්ටො’ පෙත්සමේ තීන්දුව දෙන තෙක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ කටයුතු කිරීමත්, ඇමති තනතුරු දැරූ අය ඇමති තනතුරු කටයුතු කිරීමත් වළක්වාලමින්.

මහින්ද මහතා අගමැති ධුරයෙන් ඉවත් වී තනතුර පුරප්පාඩු වී ඇති බවට ප්‍රකාශයක් කර තිබෙනවාද? නෑ. ඇමති මණ්ඩලය විසිර ගොස් ඇති බවට ප්‍රකාශයක් කර තිබෙනවා ද? නෑ.

ප්‍රකාශ කර තිබෙන්නේ ඒ තනතුරුවල කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් පමණයි. ඒ කියන්නේ මේ මොහොතේත් මහින්ද මහතා තමයි අගමැති. නමුත් ඔහුට අගමැති තනතුරේ කටයුතු කරන්න බෑ. අපි තවමත් ඇමතිවරු. හැබැයි ඇමති තනතුරේ කටයුතු කරන්න බෑ.

මේ තත්ත්වය යටතේ දැන් අගමැති ඇමති තනතුරුවල පුරප්පාඩුවක් නෑ. ඉතින් ජනාධිපතිතුමා දැන් අලුත් ඇමති මණ්ඩලයක් පත්කරන්නේ කොහොමද? අපි ඇමති තනතුරුවල සිටින තෙක් අලුත් ඇමති මණ්ඩලයක් පත් කරන්න බෑ. මේ නිසා ජනාධිපතිතුමාට උසාවියේ තීන්දුව ලබාදෙන තෙක් ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් ලෙස කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා.

1978 ව්‍යවස්ථාව පිළිබඳ විශ්ලේෂණාත්මක පොතක් ලියූ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා මෙම ව්‍යවස්ථාව අනුව ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් පත්විය හැකි බවට අනාවැකියක් පළකළා. එන් එම් පෙරේරා මහත්මයාණෙනි ඔබතුමා නැතත් ඔන්න ඔබේ අනාවැකිය අධිකරණයෙන් සැබෑ වෙලා තියෙනවා.

මා දන්නා තරමින් ලෝක ඉතිහාසයේ කිසිම කලක කිසිම රටක අධිකරණයක් විසින් අගමැති සහ ඇමති මණ්ඩලය තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා නෑ. එහෙම අවස්ථාවක් පිළිබඳ දන්නවා නම් අපේ දැනුම වර්ධනය කර ගන්නත් එක්ක දන්නා කෙනෙක් අපට කියාවි කියලා බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසූවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More