පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නැතැයි ඹීට ටික වේලාවකට පෙර නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේය.
නීතිපති ජයන්ත ජයසූරිය විසින් මෙම අදහස් පල කරන ලද්දේ අදාළ පෙත්සම් දෙවැනි දිනටද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කරන අවස්ථාවේදී කරුණු දක්වමිනි.
ජනාධිපතිගේ ක්‍රියාවන් මූලික අයිතිවාසිකම් මගින් අභියෝග කල නොහැකි බවත් පැවසූ නීතිපතිවරයා ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත්තේ නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් ජනාධිපතිට එරෙහිව සම්මත කර එම චෝදනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ යුතු බවත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...