දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහිව හා අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට පැනවූ අතුරු තහනම ස්ථිර බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුනහොත් අලුත් ආණ්ඩුවක් පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඊයේ(04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ එම වගකීම ජනාධිපතිවරයා නිවැරදිව ඉෂ්ඨ කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මන්ත්‍රීවරු 122 ක් එකතු වෙලා මේ රජය නීති විරෝධි යැයි පවසමින් ඔවුන්ගේ එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා යැයි පැවසු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා දෙපැත්තට තබා හරි ආකාරයෙන් මන්ත්‍රීවරු බෙදා බැලුවොත් අදටත් රනිල් වික්‍රමසිංහ මහතාට වඩා බහුතරයක් මහින්ද රාජපක්ෂ මහතාට හිමි බව ද එස්.බී.දිසානායක මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ සලකා බලා ස්වාභාවික නීතියේ නාමයෙන් මේ රටේ පාර්ලිමේන්තුවෙන් විසඳා ගැනීමට නොහැකි වු අර්බුදය සංසිඳවන්න මැදිහත් වේ යැයි දැඩි විශ්වාසයක් පවතින බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පිළිබඳ තීන්දුවට එරෙහි තීන්දුවක් ලබා දුන්නහොත් හෝ මෙම අතුරු තහනම ස්ථීර යැයි ප්‍රකාශ කළ ද ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටු වීමේ හැකියාව ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ වගකීම ජනාධිපතිවරයා නිවැරදිව ඉටු කරන ඇතැයි විශ්වාස කරන බව ඒ මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More