දේශීය පුවත්

පවතින තත්ත්වය මත මහමැතිවරණයක් පැවැත්වීමෙන් කිසිවෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමක් නොවන බව එළිය සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

කොළඹ ඊයේ(04) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාවේ ඇත්තේ ලිඛිත අරමුණු කිසිදු තැනක සඳහන් කර නොමැති බවත්, 19 වන සංශෝධනය ගෙන ඒමේ ප්‍රධාන අරමුණු කිහිපයක් ඇති බව ද උන්වහන්සේ පැවසීය‍.

ඉන් මුලික කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතා 3 වතාවක් ජනාධිපතිධූරයට ඉල්ලීමට නොහැකි වාතාවරණයක් සැකසීම බවද සඳහන් කළ උන්වහනසේ නාමල් රාජපක්ෂ,ගෝඨාභය හා බැසිල් යන අයට ජනාධිපතිවරණයට ඉල්ලීමට අවස්ථාව අහිමි කිරීම මෙහි අනෙක් අභිප්‍රායන් වෙන බව ද සඳහන් කරයි.

කෙසේ වෙතත් රටේ ජනතාවගේ ඉල්ලීම මැතිවරණයක් බවත්, එය ලබා දීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව ද උන්වහන්සේ සඳහන් කරයි.

මේ අතර පැවිදි හඩ සංවිධානය නියෝජනය කරන ස්වාමීන් වහන්සේ කිහිප නමක් අද පෙරවරුවේ කොළඹ පිහිටි ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලය වෙත වැඩම කර එහි සභාපතිවරයාට ලිපියක් භාර දුන්නේ උන්වහන්සේලා දියත් කරන සමාජ සත්කාර සඳහා අවශ්‍ය ආධාර ලබාදෙන්නැයි සඳහන් කරමින්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More