දේශීය පුවත්

වර්තමානයේ රට තුළ උද්ගතව ඇති අර්බුදයේ දී එක්සත් ජාතික පක්ෂය නීතියේ පිළිසරණ පතා ගියත් රට තුළ ජනතා සහයෝගය හිමිව ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කෙළේය.

රණතුංග මහතා මේ බව අවධාරණය කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවෙසේ ඊයේ (4) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙය තාවකාලික තහනමක් මිස කැබිනට් ඇමැතිවරුන් හෝ අගමැතිවරයා අහෝසි කිරීමක් නොවන බවත් අමාත්‍යාංශ නිලධාරීන් අදාළ අමාත්‍යාංශවල කටයුතු නිසි පරිදි පවත්වාගෙන යන බවත් රණතුංග මහතා මෙහිදී ප්‍රකාශ කෙළේය.

මෙම අර්බුදයට එකම විසඳුම මහ මැතිවරණයක් බවත් එක්සත් ජාතික පක්ෂය නීතියේ පිළිසරණ පතා ගියත් ජනතාවගේ සහයෝගය ඇත්තේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වන විට රට තුළ උද්ගතව ඇති තත්ත්වයට ප්‍රධාන විසඳුම වී ඇත්තේ මහ මැතිවරණයක් බවත් කවුරු කීවත් එකම විසඳුම මහ මැතිවරණය බවත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.

රට අස්ථාවර වීමෙන් සිදුවන්නේ ජනතාව අස්ථාවර වීම බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කෙළේය.

මහින්ද රාජපක්ෂ කියන නායකයාට මේවා ප්‍රශ්න නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ සමහරුන් මේ අධිකරණ තීන්දුවෙන් පසුව හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් අබේගුණවර්ධන මහතා කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More