ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වාරණය පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP බදු සහන වැඩසටහන මෙම දෙසැම්බර් 31දා අවසන් කිරීමට එරට රජය කටයුතු යොදා ඇත.
ඒ අනුව මෙතෙක් එම බදු සහනය හිමිව තිබු ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් රැසකට 2018 වසරේ සිට එම ඇමෙරිකානු GSP බදු සහනය අහිමිවනු ඇත.
මෙම GSP වැඩසටහන අවසන් වීමේ ක්ෂණික බලපෑමක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු මෙම වැඩසටහන යටත් ප්‍රතිලාභ ලැබූ සියලු රටවලින් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ 2018 ජනවාරි 1වැනිදා සිට වරණීය නොවන තීරුබදුවලට යටත් වන බවද . නිවේදනයක් නිකුත් කරමින් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.
කෙසේ වෙතත් තවදුරටත් ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආනයන කරු ලෙස කටයුතු කරනු ඇති බවත් 2016 වර්ෂකේදි එක්සත් ජනපදය ඩොලර් බිලියන 2.8 ක ශ්‍රී ලාංකීය භාණ්ඩ ආනයනය කර ඇති බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...