ලංකා මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර වංචාවෙන් රුපියල් ටි්‍රලියනයකට වඩා රජයට අලාභයක් සිදුව ඇති බව තමා යළිත් නොබියව ප්‍රකාශ කරන බව රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
මෙම පාඩුවේ ප්‍රමාණය ගැන මීට පෙර කියද්දී තමාට ගණන් බැරි බව ඇතමුන් ප්‍රකාශ කළ බවද තමා ගණන්කාරයෙක් නොවුණත් හොඳට ගණන් දන්නා බවද වසර 07 ක් පමණ බැංකුවක රැකියාව කළ බවද ඇමැතිවරයා කීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම 2015/2016 වර්ෂවල ලාභය රුපියල් මිලියන 25000 ක් පෙන්වා ඇති බව කී රාජ්‍ය ඇමැතිවරයා මේ සා විශාල ලාභයක් ලැබීමට හේතුව පොලී අනුපාතය වැඩි කිරීම බවද කියා සිටියේය.
මෙම ලාභය නිසා වසර 30 ක් යන විට රජයට ටි්‍රලියනයකට වඩා පාඩුවක් වන බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි බවද ඊයේ (17 දා) ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...