දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන දේශපාලන සංස්කෘතිය අමු අමුවේ දූෂණය කළ බවත් රට සහ එක්සත් ජාතික පක්ෂය මෙන්ම යම් ප්‍රමාණයකට තමාද විනාශ කළ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රටේ ඇති දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාවය ඉදිරි සතිය තුළ සම්පූර්ණයෙන් අවසන් කරන බවත් එම අර්බුදය ඇති කලේ තමන් නොව රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර දුන්නත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති නොකිරීමට තමන් තීරණය කලේ ඔහු සමඟ ඇති පෞද්ගලික ප‍්‍රශ්නයක්, පාට පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා නොව ඔහු රටට නොගැළපෙන දේශපාලනඥයෙක් නිසා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමන් ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා වීමට 2014 වසරේ ගත් තීරණය මෙන්ම පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ගත් තීන්දුව ද නිවැරදි දේශපාලන තීන්දුවක් ජනාධිපතිවරයා කියා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ මහතා පත්කිරීමට ගත් තීන්දුව ඊයේ දිනට, අද දිනට මෙන්ම හෙට දිනටත් නිවැරදි බව කී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එය කරනු ලැබුවේ රට බේරාගැනීමේ අරමුණින් බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර දුන්නත් රනිල් අගමැති කරන්නේ නැහැ. හේතුම ඔහුගේ හා මගේ පෞද්ගලික ප‍්‍රශ්නයක්, පාට පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා නොව ඔහු රටට නොගැළපෙන දේශපාලනඥයෙක් නිසායි.

ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩු කිහිපයකට අතුරු තහනම් නියෝග ලැබී ඇති නමුත් තවමත් අවසන් තීන්දුවක් ලැබී නැතැයි කී ජනාධිපතිවරයා එම දේශපාලන නඩු පිළිබඳව අධිකරණය ලබාදෙන අවසන් තීන්දු තීරණ තමන් ගෞරවයෙන් භාරගන්නා බව ද මෙහිදී සඳහන් කළේය.

නමුත් ජනතාව අධිකරණය පිළිබඳව දරන මතය විවිධාකාර බව ජනාධිපතිවරයා පැවසීය.

දූෂණයට, වංචාවට, සොරකමට, පාවාදීම්වලට විරුද්ධව රට තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට තමන් එම තීන්දු දෙකම ගත් බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීවේය.

2015 ජනවාරි 9 වැනිදා තමන් ඉදිරියේ දිවුරුම් දුන් රනිල් වික‍්‍රමසිංහ මහතා එදා ලක්‍ෂ 62කට වැඩි ඡන්දයෙන් බිහිකළ පවිත‍්‍ර, යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ දූෂණය කළ බවත් එය වසර තුන හමාරක් තිස්සේ ඉවසමින් තමන් ආ ගමන ලේසි පහසු නොවන එකක් බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඔහු ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධූරයට පත්කිරීම හදිසි තීන්දුවක් නොව වසර තුන හමාරක් දුෂ්කර ගිරි දුර්ගයක ගමන් ගනිමින් ගත් තීන්දුවක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුව, රට, එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම තමාව ද විනාශ කළ බව කී ජනාධිපතිවරයා ඒ සියල්ලට දිය හැකි පිළිතුර වූයේ ඔහු අගමැති පුටුවෙන් පන්නා දැමීම බව ද කීවේය.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අන්ත දක්‍ෂිණාංශික ලිබරල්වාදී වැඩපිළිවෙලෙහි කුණුගොඩක් බවට රට පත්නොවිය යුතු බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More