දේශීය පුවත්

හෙට (05) දිනයේදිත් ආණ්ඩු පක්ෂය ලෙස තම කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද (04) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

තමන්ගේ අභිමතය පරිදි න්‍යාය පත්‍රයක් සකස් කරමින් කථානායකවරයා මෙලෙස පර්ලිමේන්තුව කැඳවා ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදි පැවසීය.

එමෙන්ම ඊයේ (03) අභියාචනාධීකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයෙන් කිසිඳු විටකදි අග්‍රාමාත්‍ය ධුරය සහ අමාත්‍යමණ්ඩලය තහනම් නොකල බවත් මහින්ද රජපක්ෂ මහතාගේ සහ අමාත්‍යවරුන්ගේ රාජකාරි අත්හිටුවීමක් පමණක් සිදු වු බව මන්ත්‍රීවරයා එහිදි වැඩි දුරටත් පැවසීය.

එහි නිවැරදි තීරණය ලබා දෙන්නේ එලඹෙන 12වනදා බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More