දේශීය පුවත්

අභියාචනාධිකරණ තීන්දුව සමග රට ඉදිරියට යන්නේ කෙසේදදැයි lanka lead news ජාතික සංවිධාන නියෝජිතයන් ගෙන් ප්‍රශ්න කිරීමේදී ඊට පිළිතුරු දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ හරි දේ වැරදියට කිරීම මෙන්ම වැරදි පිළිනොගෙන ඉදිරියට යාම ද වරදක් බවය.

එක පාර්ශවයක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා ආරම්භ වන දේශපාලන අර්බුදය අගමැතිවරයෙක් ඉවත් කිරීම නිසා බවට වැරදියට අර්ථ දක්වන්නේ හරි දේ වැරදියට කළ නිසා බව ද ඔහු පැවසීය.

එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට එරෙහිව අධිකරණය විසින් අතුරු තහනම් නියෝග පැනවු අවස්ථාවේදී අධිකරණය අවසන් තීන්දුව ලබා දෙන තෙක් පාර්ලිමේන්තුව කල් නොතැබීම බරපතළ වරදක් බව ඔහු සඳහන් කළේය.

දැන් සිදුවෙමින් පවතින සෙසු වැරදි උපදින්නේ එම මුල් වරද නිසා බව ඔහු විසින් අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව කල් තබා තිබුණේ නම් ”කො – වොරොන්ටෝ” එන්නේ නැහැ නේද? යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More