දේශීය පුවත්

කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එකඟ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එම නියෝගයට එරෙහිව හෙට(04) දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී සිට කටයුතු කර එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව එම නිවේදනයේ සඳහන් වෙයි.

එම නිවේදනය පහතින් දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට අපි එකඟ නොවන්නෙමු.

එයට එරෙහිව හෙට දින ආරම්භක පැයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී අපි කටයුතු කරමින් සිටින්නෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ සහ ඊට අදාල අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.

රටෙහි දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය එනම්, මහමැතිවරණයක් හරහා මහජනතාවගේ මතය දිනා දීම සඳහා වූ වැඩපිළිවෙල වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත් අවශ්‍ය වන බැවින් ඒ සඳහා කැපවන ලෙස ද අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

මව්බිමට ඇති ආදරය ද, නීතියට ඇති ගෞරවය ද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංකභාවය ද පෙරදැරිව මේ තීරණාත්මක මොහොතේ සාමකාමීව, ධෛර්ය සම්පන්නව සහ වගකීම් සහගතව ඔබ ඔබගේ යුතුකම් රට වෙනුවෙන් ඉටු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

මහින්ද රාජපක්‍ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More