දේශීය පුවත්

නැවත ත්‍රස්තවාදයක් හෝ ආයුධ කල්ලි හෝ පාතාලයක් උතුරු පළාතට එපා කියමින් කිළිනොච්චියේ ප්‍රදේශ කිහිපයක අද දින පෝස්ටර් අලවා ඇති බවට කිළිනොච්චි වැසියෝ කියා සිටිති.

මඩකලපුව වව්නිතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගේ ගම්මානයේ වන වඩ්ඩකච්චි ප්‍රදේශයේත් විශ්වමඩු ප්‍රදේශයේ සහ කිළිනොච්චිය නගරයේ ජනතාව ගැවසෙන පොදු ස්ථාන වලදී මෙම පෝස්ටර් කිසියම් පිරිසක් විසින් දමිළ භාෂාවෙන් අලවා ඇත.

අදාළ පෝස්ටර් මගින් ජනතාවට පෙන්වා දී ඇත්තේ වසර 30ක යුද්ධය හේතුවෙන් පීඩා විඳි ජනතාවට නැවත යුද්ධය දකින්න නොලැබේවා සහ යුද්ධයෙන් බැට කෑ ජනතාවට නැවත ආයුධ කල්ලි දකින්නට නොලැබේවා සහ විවිධ හේතූන් නිසා හිස ඔසවා ඇති පාතාල මැඩලීමට රටේ ඇති ආරක්ෂක අංශ වෙතට සහය ලබා දෙන ලෙසටය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More