දේශීය පුවත්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (02) රාති‍්‍රයේ සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත් සහ වාසුදේව නානායක්කාර මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ද එක්ව සිටි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මෙම හමුව සිදුවී ඇත්තේ ජනාධිපති නිල නිවසේදීය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණයකර තිබුණ ද එය අද(03) දිනයේ පැවැත්වීමට තීරණය කිරීමද වර්තමාන දේශපාලන උණුසුමේ ප්‍රතිථලයක් විය හැකි බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More