ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව හත්වැනිදා ලැබීමට නියමිත අධිකරණ තීන්දුවට මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය විවිධ කණ්ඩායම් යොදා බලපෑම් කිරීමට කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (2දා) ජවිපෙ පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු සදහන් කර සිටියේ ” ය 09 වැනිදා පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඊට එරෙහිව නඩුව ලබන 04, 05 සහ 06 විභාග කරනවා. රාජපක්‍ෂ කණ්ඩායම දැන් අධිකරණයට අනියමින් බලපෑම් කරනවා. රනිල් – මහින්ද රහස් සාකච්ඡා පවත්වනවා. හිටපු අගමැතිවරු දෙන්නෙක් පාර්ලිමේන්තුවේ ජනතාවට හොරෙන් පවත්වන සාකච්ඡා මොනවාද? මේවා ඒ දෙන්නාගේ පෞද්ගලික සාකච්ඡා නෙවෙයි. ඒ නිසා රටේ ජනතාව සාකච්ඡා කළේ මොනවාද කියලා දැන ගන්න ඕනෑ. ගත්ත තීරණ මොනවාද කියලා තවමත් රටට ප්‍රකාශයක් කරලා නැහැ. මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම යූ.එන්.පී.යට උදවු කරනවා කියලා ජවිපෙට බොරු චෝදනා එල්ල කරමින් රනිල් – මහින්ද හොර සාකච්ඡා පවත්වනවා. මේවා තමයි ඇත්ත ඩීල්. අපේ රටේ ජනතාව නිරීක්‍ෂකයන් ලෙස සිටිය යුතු නැහැ. පක්‍ෂ, පාට භේදයකින් තොරව යුක්තිය, සාධාරණය පැත්තේ හිටගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...