දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදෙන්නේ නම් කොන්දේසි සහිත ලිඛිත ගිවිසුමකට දෙපාර්ශවය එකඟවිය යුතු යැයි දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය තීරණය කර තිබේ.
එම ලිඛිත ගිවිසුමට කොන්දේසි 5ක් ඇතුළත් විය යුතු බවද එක්සත් ජාතික පෙරමුණ ඊට එකඟ නොවන්නේ නම් සහාය ලබා නොදිය යුතු බවද ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළ බව එහි සාමාජික උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.
ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව පසුගියදා (01) වව්නියාවේදී රැස්වී එම තීන්දුව ගත් බවද ඔහු කීය.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිව තිබෙන අතර සෙල්වම් අඩෙක්කලනාදන් සහ කේ. කෝතීස්වරන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.
පෙර පුවත් – එජාප අණ්ඩුවක් පිහිටුවන්න රනිල් දෙමළ සන්ධානයට දුන් පොරොන්දු මෙන්න..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...