දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුව පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04දා) සවස 3.00ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම විශේෂ නියෝජිත සමුළුව සඳහා දිස්ත්‍රික් බලමණ්ඩලවල ක්‍රියාකාරීන්ට ඇරැයුම් කර ඇති අතර ශ්‍රී ලනිප ප්‍රබල ක්‍රියාකාරීන් දස දහසක් පමණ දෙනා ඊට සහභාගි වනු ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

වත්මන් දේශපාලන තත්ත්වය හා පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පක්ෂ බල මණ්ඩල ක්‍රියාකාරීන්ට කරුණු දැක්වීමට නියමිතව ඇතැයිද ඒ මහතා කීය.

ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨ නායකයන් සියලුම දෙනා මෙම විශේෂ නියෝජිත සමුළුවට සහභාගිවීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සාමාජිකත්වය ලබාගෙන සිටින කිසිවකුට මෙම සමුළුව සඳහා ඇරැයුම් නොකරන නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද ශ්‍රී ලනිප නියෝජිත සමුළුවට ආරාධනා නොකිරීමට තීරණය වී ඇත.

ශ්‍රී ලනිප හිටපු සභාපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද ඇරැයුම් කර නොමැති අතර දිස්ත්‍රික් බලමණ්ඩල ජේ‍යෂ්ඨ ක්‍රියාකාරීන් මෙම සමුළුවට ආරාධනා ලැබ තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More