දේශීය පුවත්

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) ආරම්භ වෙයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යස්ථාන 4,661කදී මෙවර විභාගය පැවැත්වෙන බවය. මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන්නේ දෙසම්බර් මස 12 වෙනිදායි.

මෙවර විභාගයට අයදුම්කරුවන් හය ලක්ෂ පනස් හය දහස් හයසිය හතලිස් එකක් (656,641) මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත ඇති අතර පාසල් අයදුම්කරුවන් හාර ලක්ෂ විසි දෙදහස් අටසිය පනහක් (422850)ද පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ තිස් තුන් දහස් හත්සිය අනූ එකක් (233791) ද මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනය පහතින්

—————————————————-

හෙට ඇරඹෙන සාපෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භවීමට නියමිතයි.

මෙවර විභාගයට අපේක්ෂකයින් 656,641 ක් පෙනී සිටින අතර එය මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙනු ඇති.

ලබන 12 වැනි දා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේදී විභාග ශාලාවට ජංගම දුරකතන, ස්මාට් වොච් රැගෙන ඒම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පුජිත පවසයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More