ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
පසුගිය සිකුරාදා දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී ඇති බව වාර්තා විය.
පවතින දේශපාලන අර්බුදයට ස්ථීර විසඳුමක් ලබන බදාදා වන විට ජනාධිපතිවරයා විසින් ලබාදෙනු ඇති බව පසුගිය සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ප්‍රකාශ කළ අතර මීට පෙර පැවති හමුවේදී නියමිත පරිදි ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසීමක් සහිතව පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවක් සම්මත වුවහොත් තමා එය පිළිගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට යළි අග්‍රාමාත්‍යධූරය ලබානොදිමේ දැඩි ස්ථාවරයේ ජනාධිපතිවරයා තවදුරටත් රැදී සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...