දේශීය පුවත්

පවතින දේශපාලන අර්බදකාරි තත්ත්වය තවත් තවත් උග්‍ර අතට පත්වන අනතුරු සංඥා ලැබී ඇති බව එජාප පසු පෙල මන්ත්‍රීවරුන් පවසයි. එජාපයේ පසුපෙල මන්ත්‍රිවරුන් ඊයේ රාත්‍රියේ මාධ්‍ය සගයන් අතර පැවැති හමුවකදී පවසා ඇත්තේ එජාපයට ඉතා නරක කාලයක් ඉදිරියේදී උදා වීමට ඇති බවයි. පසුපෙල මන්ත්‍රීවරුන් වශයෙන් මාධ්‍ය ආයතනවලින් සහාය බලාපොරොත්තු වන බවත් පවතින අර්බුධය විසදාගැනීමට අවශ්‍ය බව ද ඔවුන් පවසා ඇත.

පසුපෙල මන්ත්‍රීවරුන් මේ වන විට තිගැස්සීමක් මෙන්ම භය වී ඇති බවත් ඔවුන්ට නැවත ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි මට්ටමේ වාතාවරණයක් ඇතිව ඇති බව ජනාධිපතිවරයා හමු වු සාකච්ඡාවෙන් අනතුරුව හෙළිව ඇති බව ඔවුන් පවසා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව දේශපාලනික අස්ථාවරත්වය සම්බන්ධයෙන් හා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (30) පස්වරුවේ ජනාධිපතිවරයාව හමු වු එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

2015 ජනාධිපතිවරණයෙන් පසුව අමාත්‍යවරුන් ලෙස පත් වු එජාපයේ මන්ත්‍රීවරුන් විසින් සිදු කර ඇති අක්‍රමිකතාවයන් හෙළිවෙමින් ඇති බවත් එජාපයේ සුචරිත චරිත යැයි පවසන පුද්ගලයින් මේ වන විට යම් යම් චෝදනාවලට ලක්ව ඇති බව අනාවරණ වෙමින් පවතින බව එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් මාධ්‍ය සගයන් වෙත පවසා තිබේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සිදු කලා යැයි පවසන වංචා හා දුෂණ සෙවීමට පත් කර ඇති කමිටුවල විමර්ශන කටයුතු සඳහා සාක්ෂි සෙවීම මේ වන විට ප්‍රමාද බවත් එම විමර්ශන පැවැත්වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ක්‍රියාවන් හේතුවෙන් මේ වන විට අපහසුතාවයට පත්ව ඇත්තේද එජාප පක්ෂය බවයි පසුපෙල මන්ත්‍රීවරුන් කියා සිටියේ.

එවැනි තත්ත්වයන් මත නැවත අගමැති ධුරය රනිල් වික්‍රමසිංහයන් හට ලබා දීමට නොහැකි බව ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිසට ස්ථිර වශයෙන්ම පවසා තිබේ.

එසේම පසුපෙල මන්ත්‍රීවරුන් පවසන්නේ රනිල් නැතිනම් සජිත් අගමැති කල යුතු බවයි. නමුත් සජිත්ට එම තනතුර පිරි නැමීමට රනිල් වික්‍රමසිංහ අකමැති වීම තුළින් පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ පවා ඉහල යන බවයි. එසේම ඔවුන් පවසන්නේ සජිත් නැතිනම් වෙනත් අයෙකු ඉදිරියට ගෙන ඒමට කටයුතු නොකිරීම බරපතල වරදක් බවයි.එමෙන්ම 2 පෙල නියෝජනය සඳහා මන්ත්‍රිවරුන්ට අවස්ථාවක් නොදීම තුළින් පක්ෂය අගාධයට ඇඳ දමා ඇති බව පසුපෙල මන්ත්‍රීවරුන් කියා සිටි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More