මුහුණු පොතෙන්

සම්මානයක් ලැබීමට සුදුස්සෙකු වන්නෙ කෙලෙසදැයි මා නොදනිමි..මා එය සොයන්නටද නොයමි.ලංකාවෙි සිස්ටම් එක තුල සම්මාන ලබා දෙන නිර්ණායක,විනිසුරුවරුන් ගැනද විටින් විට අසන්නට දකින්නට ලැබේ..පසුගිය දිනයන් වල සිට තවමත් සමාජ ජාල තුල සංසරණය වන වීඩියෝවක යොවුන් නලුවන් දෛනෙකු දේශපාලනඤයින් දෙදෙනෙකු අතින් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කිරිම තුල විවිධ කතා බහ ගොඩනැගි ඇති අයුරු පෙනෙන්නට තිබේ..දේශපාලනික වශයෙන් සහ ශිෂ්ඨ අශිෂ්ඨ වශයෙන් විවිධාකාර ලෙස විසිරෙන ඒ තුල ලංකා සමාජ ක්‍රමය තුල ඇති මතවාදයන්හි නිරුවත ප්‍රදර්ශනය වි ඇත.

ඇතැමුන් කියන පරිදි ඒ නලුවන් දෙදෙනා නිවැරදිය..උන් දුනනේ පට්ට ආදර්ශයක් බව පුරසාරම් කියති..ආදර්ශය පට්ට වන්නට උන් ක්‍රියාත්මක වුනේ කුමන තැනකින්දැයි අවංකව විමසිය යුතු වන්නේය.ලංකාවෙි සමස්ත සිස්ටම් එක දේශපාලනීකරණයකට ලක්ව ඇති කාලයක සම්මාන ප්‍රදානයකට දේශපාලනඤයින්ට ඇරයුම් කිරිම අරුමයක් නොවේ.එතැන සිටි දේශපාලකයින් දෙදෙනා අතින් නලුවන් සම්මාන ගැනිම ප්‍රතික්ෂේප කිරිම අශිෂ්ඨ ක්‍රියාවක් හෝ ශිෂ්ඨ ක්‍රියාවකැයි මම නොසිතමි..පොරවල් වීමේ පොර මානසිකත්වය ඉහට ගැනිම තුල රැඩිකල් යැයි කියා ගන්නා මානසිකත්වයක් ප්‍රදර්ශනය කිරිම පමණි..උන් දෙදෙනා සම්මාන ගැනිම එතැනදි ප්‍රතික්ෂේප කලද සමාජයට ඒ තුලින් ඉන්ජෙක්සන් වු ආදර්ශයක් නැත.එය උන් දොදෙනාගෙ ගොන් පාට් එකක් පමණක් වි ඇත.

එය සිදු කලා යැයි සමාජය එයින් ඉගන ගන්නා දෙයක් නොමැත..ශිෂ්ඨ යැයි කියාගන්න උන් තුල අශිෂ්ඨයෙක්ද සිටි..අශිෂ්ඨ යෙකු තුල ශිෂ්ඨයෙකුද සිටි..මධ්‍යස්ථමත යැයි පෙන්වා ගන ඉන්නා උන් තුල කුමන හෝ දේශපාලන ප්‍රතිපත්තියක්ද අනිවාර්යයෙන්ම තිබෙන බවද නොරහසකි..එසේ හෙයින් බොරු පම්පොරි වලින් අැති වැඩක්ද නැත..මධ්‍යස්ථ බව පෙන්වන ඇඳුම් ඇඳ සිටියද සැබවින්ම සෑම කෙනෙකුගේම කුමක් හෝ පාට නිරුවතක් තිබේ..වෙිදිකාව මත රඟපෑ⁣මෙි දක්ශයන් සම්මාන ගැනිමෙිදි රඟපෑ ජවනිකාවෙි තාත්විකබවක් ඇත්තේ නැත..

ඒ මොහොතේ වෙිදිකාවෙි සිටි දේශපාලනඤයින් අතින් සම්මාන ගැනිම උඔලා ප්‍රතික්ෂේප කිරිම තාවකාලික මෝඩ වින්දනයක් ලබා දිම පමණි..ජොයින්ට් එකක් ගසා ලබන ස්වයං විනදනයක් ලැබිම පමණි..මන්ද හෙටත් උඔලාගෙම පරපුරේ උනුත්උඔලාට වඩා ජ්‍යෙෂ්ඨයනුත් දේශපාලනඤයින් අතින් දෙකට නැමි සම්මාන ලබා ගනු අැත…

හර්ෂණ කසුන් මිල්ලතේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More