පුරවැසි කොලම

බහුතරය කාටද?

December 2, 2018 12:43 am | Lanka Lead News

එජාපය, ජව්පෙ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් හොද හෝද මඩේ දාමින් සිටින්නේ එකම කතාවකි. එනම් මහින්දට විරුද්ධව 122ක් ඔවුන් සමග සිටින බැවින් මහින්දට බහුතරයක් නොමැති බවයි.

225 ක් සිටින මන්ත්‍රිවරුන් සිටින බහු පක්ෂ නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවේ බහුතරය යනු 225/2+1= 113 පමණක් ද? එජාපය, ජවිපේ, ද්‍රජාසං කියන මහින්දට නැති බහුතරය යනු එකම දේශපාලන මතවාදයකට එකඟ වු එනම් තනි ආණ්ඩුවක් ලෙස හිට ගැනීමට මහින්දට 113ක් නැති බවයි.

බහු පක්ෂ නියෝජනයක් තුල මහින්දට 104 කුත් එජාපයට 100 ක් ද්‍රජාසං ට 15කුත් ජවිපෙට 6 ඇත්නම් බහුතරය ඇත්තේ මහින්ද සතුවයි.

පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇතැයි සිතන පුද්ගලයා අග්‍රාමාත්‍යධුරයට පත් කිරිමට ජනාධිපතිවරයාට පවතින අභිමතය ක්‍රියාත්මක කිරිමේදි ඔහු පත් කල යුත්තේ බහුතරය ඇති මහින්ද රාජපක්ෂ වීම සංඛ්‍යාත්මකව නිවරැදිය. වයඹ පළාත් සභා නඩුවේදි තීරණය වු අකාරයට අභිමතය සාධාරණව ක්‍රියාත්මක කළ යුතු බවට සැකයක් නැත. එහෙත් ජනාධිපතිවරයාට හිමි අභිමතය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක කිරිමට පාර්ලීමේන්තුව යම් මග පෙන්වීමක් කළ යුතුය.

එජාපය,ජවිපේ සහ ද්‍රජාසං යේ 122 මහින්ද ඉවත් කිරිමට හේතුවක් වුවද වෙනත් මන්ත්‍රිවරයකු පත් කිරිමට ජනාධිපතිවරයාගේ අභිමතයට සාධාරණ මග පෙන්වීමක් නැත. එවැනි මග සාධාරණ පෙන්වීමක් නොමැති විට ව්‍යවස්ථාව අනුව විධායකයේ ප්‍රධානියා හැටියට ඔහුගේ අභිමතය නිරුපද්‍රිතව පවති.

මේ තත්වය විලෝමය ලෙස සලකා බැලුවහොත් රනිල් හෝ එජාපයේ වෙනත් අයෙක් අගමැති කරන ලෙස පත් කරන යෝජනාවක් පාර්ලීමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙ අත්සනින් සම්මත වී නැත.අජිත් පෙරේරා රනිල්ට පක්ෂ 113 ක අත්සන් පෙන්නවා කියා දැනට සති දෙකකට ආසන්නය. සරලව කිවහොත් රනිල් පිහිටවන ආණ්ඩුවක අයවැය හෝ වෙනත් පණතක් සම්මත කිරිමට ජවිපේ හෝ ද්‍රජාසං අත ඔසවනවාද?

113ක බහුතරයක් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ මුදල් ඇතුලු අනෙකුත් අණපණත් සම්මත කර ගැනීමටයි. ඒ අනුව එවැනි බහුතරයක් මහින්දට හෝ රනිල්ට නොමැති බව පැහැදිලිය. මුදල් පණත් හෝ අනෙකුත් ව්‍යවස්ථාදායක කටයුතු අඩපණවීමෙන් රට අක්‍රියවීම හා දේශපාලන අස්ථාවරත්වය ඇති වේ.

ඒ අනුව යළි යළිත් කිව යුත්තේ පාර්ලීමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකින් ජනවරමක් මත ස්ථාවර තනි පක්ෂයක හෝ සභාගයක ආණ්ඩුවක් පිහිටවීම හැර විකල්පයක් නොමැති බවයි.

රනිල් හෝ එජාපයේ කෙනෙක් අගමැති කරන්න ජවිපේ සහයෝගය නොදෙන බව තහවුරු කර ඇත. හැංගි හැංගි කොහොම රැඟුවත් එළිපිට එජාපයේ කරේ එල්ලිම සොච්චමට ඉතුරු වුන ආසන 6ත් දෙකට බස්ස ගන්න වැඩක් බව ජවිපේ දනියි.

මේ අතර ද්‍රජාසං ඉතිරි වු මන්ත්‍රිවරු 14 දෙනා ඒජාපයේ ඕනෑම කෙනෙක් අගමැති කිරිමට සිය එකඟතාව පල කර ඇත. 2015 සිටම විපක්ෂයේ සිටම රනිල්ගේ ආණ්ඩුව රැකගැනිමට බටහිර බලවේග හා බෙදුම්වාදි ඩයස්පෝරාවේ වුවමනාව වෙනුවෙන් සිංගප්පුරු එකඟතාව මත ද්‍රජාසං කටයුතු කළ බව දැන් ප්‍රත්‍යක්ෂය.

ඕනෑම කෙනෙක් පත් කරන්න කිවුවද එකඟතාව ඇති වී තිබෙන්නේ රනිල් සමගය. ධර්මලිංගම් සිද්ධාර්ථන් , රනිල්ගේ බෙදුම්වාදි ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ ෆෙඩරල් අකෘතික කමිටුවේ සභාපතිට අනුව ෆෙඩරල් ව්‍යවස්ථාව අනුමත කිරිම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම, හමුදාව යටතෙ පවතින ඉඩම් අත් හැරිම සහ උ/නැගෙනහිර කිසිදු සංවර්ධන කටයුත්තක් නොකිරිමට රනිල් පල එකඟතාවන් 2003 සිටම පැවති රනිල් වික්‍රමසිංහ ගේ බෙදුම්වාදි න්‍යාය පත්‍රයට ඉතාම අනුකූල වේ.

ආණ්ඩු බලය අතේ තිබියදි 2018 පළාත් පාලන චන්දයෙන් එජාපය ලැබු දරුණු පරාජයෙන් පසුව පත්කල රුවන් විජේවර්ධන කමිටු වාර්තාවෙන් පාඩමක් ඉගෙන ගත්තා නම් එජාපය මේ අවධානමට අත නොගසනු ඇත. සිංහල බෞද්ධ පදනමට හානි කරගනිමින් බෙදුම්වාදයට සමීප වීම එජාපයේ පරාජයට බලපෑ බව එම වාර්තාවේ නිර්දේශයකි. තව අවුරුදු එකහාමාරක් බලයේ සිටීම වෙනුවෙන් රනිල් මේ එකඟතාවයෙන් කරන්නේ ඊළග මැතිවරණයකදි එජාපය මහ සංඝරත්නය හා සිංහල බෞද්ධ චන්ද පදනම ඉදිරියේ තවත් කොන් කිරිම පමණි.

නීතිඥ නුවන් බැල්ලන්තුඩාව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More