දේශීය පුවත්

වව්නතිව් සිදුවීම පසුගිය අවුරුදු තුන හමාර කාලය තුළ රජය විසින් ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ ප්‍රතිඵලයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද(01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

පසුගිය අවුරුදු තුනයි මාස අටක කාල සීමාව තුළදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව බෙදුම්වාදී බලවේග වලට නැවත හිස එසවීමට හැකි වන අයුරින් පරිසරයක් නිර්මාණය කළ බව ඔහු පැවසීය.

එහිදී එක් පැත්තකින් තහනම් වූ එල්.ටී.ටී.ඊ.යට අනුබද්ධිත සංවිධාන වල තහනම ඉවත් කළ බවත් එම තහනම ජාත්‍යන්තර මට්ටම දක්වාම ඉවත් කළ බවත් ඔහු පැවසීය.

එසේම බුද්ධි සේවාවන් ඉතාම සාහසික අයුරින් මර්ධනය කිරීමද එවකට සිදු කළ බව ඔහු පැවසිය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ වව්නතිව් වල සිද්ධිය හුදෙකලා සිද්ධියක් ලෙස ගත නොගත යුතු බවයි.
මෙම ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ දැනටමත් පැවැත්වෙන බවත් “ආවා කල්ලිය” සහ එල්.ටී.ටි.ඊ. සංවිධානය එක්සත් ජාතික පක්ෂයේ, ගර්භාශයේ බිහිවූ දරුවන් බවත් මන්ත්‍රිවරයා මාධ්‍යයට පවසනවා.

ඔක්තෝබර් 26 වැනිදායින් පසුව එකවර එක්සත් ජාතික පක්ෂය විසින් වසර 3ක් තුළ ඇතිකළ එම විසකුරු බලවේග අවසන් කළ නොහැකි අතර ඊට කාලයක් ගතවන බවත් පවසනවා. තිස් වසරක යුද්ධය අවසන් කළ රජයක් ලෙස කිසිම අවස්ථාවක යළි ත්‍රස්තවාදයක් හිස එසවීමට ඉඩ නොතබන බවත් අලහප්පෙරුම මන්ත්‍රිවරයා වැඩිදුරටත් මාධ්‍යයට ප්‍රකාශ කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More