දේශීය පුවත්

මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාලව එම පුද්ගලයා කිලිනොච්චිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සැකකරු කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි රාසනායගම් සර්වානන්දන් නමැති 48 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා වව්නතිව් ප්‍රදේශයට ගොස් සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිළධාරින් කණ්ඩායමට භාරදීමට නියමිත බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More