දේශීය පුවත්

අගමැති ධූරයේ හෝ වත්මන් ආණ්ඩුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති එස් බී දිසානායක මහතා පවසයි.

වත්මන් රජය ඉදිරියටත් කටයුතු කරගෙන යන අතර මෙම රජයේ අගමැති පුරප්පාඩුවක් හෝ ඇමැති පුරප්පාඩු නැතැයි ද එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ පා‍ර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති එස් බී දිසානායක මහතා මෙසේද පැවසීය.

මේ ආණ්ඩුවේ කිසිම වෙනසක් වන්නේ නැහැ. මෙහි අගමැති පුරප්පාඩුවක් නැහැ.

ඇමතිවරුන්ගේ පුරප්පාඩුත් නැහැ. අගමැති වෙනුවට වෙනත් අයකු පත්කරන්නෙත් නැහැ.මේ ආණ්ඩුව ඉදිරියට යනවා. අධිකරණ තීන්දුව දෙනතෙක් බලාගෙන සිටිනවා.

මැතිවරණයකට යාහැකි බව අධිකරණය කීවොත් අපි එයට සූදානම්. එහිදි එජාප මන්ත්‍රී සංඛ්‍යාව 65ට අඩු කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More