දේශීය පුවත්

ශ්‍රී ලංකාව මුහුන දී ඇති දේශපාලන අර්බුධකාරී වාතාවරණය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාප භාර ප්‍රධානී මේරියම් යම්ෂිඩා මහත්මිය ඊයේ(29) මෙරටට පැමිණ තිබේ.

මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට ද මේරියම් යම්ෂිඩා මහත්මිය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුව තුළ ද මේ වනවිටත් අර්බුධකාරී වාතාවරණයක් පවතින අතර ඒ සම්බන්ධව විමර්ශනය කර එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් ඇය මෙරටට පැමිණ තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සම්බන්ධ විමර්ශනයකට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් ද ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.



One thought on “දේශපාලන අර්බුදය ගැන විමර්ශනයට UN නියෝජිතයෙක් දිවයිනට…එ.ජා මහලේකම් 7වැනිදායින් පසු පැමිණීමේ සූදානමක්..”

  1. කොටියට කෙලවෙනකොට මුන් හැසිරෙන්නෙ බූමිතෙල් ගහපු ගැරඩියෝවගේ .

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More