දේශීය පුවත්

එජාපය තව ටික කලක් ආණ්ඩු ගෙන ගියා නම් මේ රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන එන බවත්, බහුතරයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉරිදා දිවයින පුවත්පත සමග කළ සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සදහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්මවා ඇති අගමැතිවරයා ”ව්‍යවස්ථාව සම්මත වුණා නම් රටට මොකද වෙන්නේ. ජිනීවා යෝජනාවට සම දායකත්වය ලබාද දීලා අපේ රටට විරුද්ධව අපිම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියට ගියා. එහෙම කළේ එජාපයේ විදේශ ඇමති. මේ රටේ රණ විවිරුවන්ට විරුද්ධව නඩු අහන්න ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් හැදුවා. මේ රටට සේවය කරපු රණවිරුවන් හිරේ දැම්මා. රණවිරු දඩයම එන්න එන්න ම වැඩි කළා. මේ විදියට අවුරුද්දක් කරගෙන ගියානම් අපිට රටක් ඉතුරු වෙයිද?. මේ රටේ ජනතාව, දේපළ, අත යට සල්ලි වලට, කොමිස් කුට්ටි වලට, කුණුකොල්ලයට විකුණලා දැම්මා. බදු පොදි ගහලා ජනතාවගේ කරේ පැටෙව්වා, විදේශ රට වල දුක් මහන්සි වෙලා හම්බකරන අපේ ජනතාව ගෙදරට සල්ලි යවන කොට ඒවට බදු ගැහුවා. ඉතුරු කිරීමේ ගිණුම් වලට බදු ගැහුව. මේ වගේ වෙලාවක දේශපාලන හඳහන් බල බලා තමන්ගේ පක්ෂය ගැන හිතන එකද හරි රට ජාතිය ගැන හිතලා ආණ්ඩුව පෙරළන එකද… නිවරදි? යනුවෙන්ද ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More